
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ආරම්භක භාවනා මධ්‍යස්ථානය සේ ම වත්මන් මූලස්ථානය ලෙසට ද ක්‍රියාත්මක වනුයේ පොල්ගහවෙල වඩුවාවේ පිහිටි, මහමෙව්නාව භාවනා අසපුව යි. සුන්දර කුඩා කඳු ගැටයක් ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම අසපුව, දහම් පිපාසිත සුවහසක් මිනිසුන් ගේ දහම් පිපාසාව සංසිඳවා ගැනීම පිණිස අමා දම් පිරි සොඳුරු විලක් වැනි ය.
පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 1999 අගෝස්තු මස 14 වැනි දින ආරම්භ කරන ලද මෙම මහමෙව්නාව භාවනා අසපුවෙහි විරාජමානව වැඩ සිටින සිරි ගෞතම දම්සක් මහා සෑය ත්, සිරි ගෞතම බෝධි මණ්ඩපය ත් සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවත් දෙව් මිනිසුන්හට මහත් ශ්‍රද්ධා භක්තිය ජනිත කරවන අතර වත්මන් බුදු සසුනට මහත් අලෝකයක් සපය යි.
මෙම සිරි ගෞතම දම්සක් මහාසෑය ඉදිකිරීම සඳහා සම්පූර්ණ මූල්‍යමය දායකත්වය සැපයුවේ පින්වත් හොරණ ඩී. කේ. සුභසිංහ මැතිතුමා විසිනි. සුරංජිත් මෝටර්ස් අධිපති රංජිත් කරුණාරත්න මැතිතුමා විසින් සිරි ගෞතම බෝධි මණ්ඩපය ඉදිකිරීම සඳහා සම්පූර්ණ මූල්‍යමය දායකත්වය සපයන ලදී. පින්වත් ස්වාමීන් වහන්සේලා 120 නමකට පමණ සුවසේ වැඩ සිටිය හැකි කුටි පහසුකම් ද අනෙකුත් සියලු විහාරාංගයන්ගෙන්ද මෙම පුණ්‍ය භූමිය සමන්විතය.
සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව සහිත ප්‍රදේශය ජනාකීර්ණ වුවත් පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩවසන කුටි පිහිටා තිබෙන්නේ නිහඬ නිසසල වනගත පරිසරයක් තුලය. එමෙන්ම දිනපතා බොහෝ සැදැහැවතුන් පිරිසක් සංඝයා උදෙසා දන්පැන් පිදීමෙන් හා සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව වන්දනා කිරීමෙන් අපමණ පින් රැස් කරගනිති.
පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල ධර්මය ලොව පුරා පැතිරවීම පිණිස කටයුතු කළ ආයතන අතර ප්‍රධානත්වය හිමි වන්නේ මෙම උතුම් පුණ්‍ය භූමියටයි.
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ වැඩසටහන් පැවැත්වෙන දිනයන්
අසපුවට පැමිණෙන ආකාරය
මහමෙව්නාව භාවනා අසපුව, වඩුවාව, යටිගල්ඔළුව, පොල්ගහවෙල. (60314) |
|
037 22 44 602 037 729 4993 074 2974 674 (වට්ස්ඇප්) 076 8255 726 (සදහම් පොත් මැදුර) |
|
info@mahamevnawa.lk | |
www.mahamevnawa.lk | |
/Mahamevnawa.LK |