2016 පෙබරවාරි 04 වන ජාතික නිදහස් දිනයේදී මරණ බියෙන් පීඩිත අසරණ සතුන්ට නිදහස දන්දෙන්නට අපට හැකි වුනා… අභය දාන
මේ ගොරතර සසරේ කෙදිනක හෝ අපේම මවු පියන් ව සිට අද තිරිසන් ලෝකයේ ඉපිද මරණ බියෙන් පෙළෙන අසර සතුනට අභය දන් දුන් මෙම පින්කමේ දී මරණයට කැපවූ අසරණ ගවයින් සහ එළුවන් බොහෝ දෙනෙක් නිදහස් කරන්නට අපට හැකි වුනා. එලෙස මුදාගත් ගවයින් සහ එළුවන් කන්තලේ ප්‍රදේශයේ දිලිඳු පවුල් වලට ජීවනෝපාය පිණිස බෙදා දුනිමු.
මීට සමගාමීව සිරකර සිටි කුරුල්ලන් රැසක්ද නිදහස් කරන්නට අපට හැකි වුනා…
මහණෙනි, සතුන් මැරීමෙන් වැළකී සිටින ආර්ය ශ‍්‍රාවකයා අප‍්‍රමාණ සත්වයන්ට අභය දෙයි. අවෛරය දෙයි. නිදුක් බව දෙයි. අප‍්‍රමාණ සත්වයන්ට අභය දී, අවෛරය දී, නිදුක් බව දී, අප‍්‍රමාණ වූ බිය නැති, වෛර නැති, නිදුක් බවට හිමිකරුවෙක් වෙයි.
මෙලෙස අප රැස්කළ සියලු පින් සියල්ලෝ අනුමෝදන් වෙත්වා…!
Leave A Comment