ස්වකීය සංසාර විමුක්තිය වෙනුවෙන් කළයුතු වීර්යය කෙසේ කටයුතු ද?
ඒ බුදුරදුන් විසින් වදාරන ලද ධර්මය වූ කලී ‘වීර්යය’ පිළිබඳ දැක්වෙන ආදාසතලයක් වැන්න. දෙව් මිනිසුන් විසින් ස්වකීය සංසාර විමුක්තිය වෙනුවෙන් කළයුතු වීර්යය කෙසේ කටයුතු දැයි බුදුමුවින් ම අනන්ත අප්‍රමාණ ලෙස වර්ණනාවට පාත්‍ර කොට තිබේ.










