සළු සොරකමෙන් විඳි අපා දුක තිසරණයේ බලයෙන් දුරු වූ අයුරු
බොරුකීමෙන් මනුෂ්‍යයකුට කිසිම ලාභයක් නැහැ. ඒක ලාභයක් විදිහට පෙනෙන්නේ අධාර්මික පරිසරයක ජීවත්වන උදවියට.
ප්‍රාණ ඝාතයේ පවෙන් මවගෙන් පලිගන්නා දරුවෙක්
අව්වේ, වැස්‌සේ සිට සියල්ල ප්‍රශ්න කරගත් සමාජයක ජීවත් වන අපේ ජාතියේ සදාතනික උරුමය බවට පත්ව ඇත්තේ නිමක් නොවන ප්‍රශ්නයන්ය. එවන් සමාජයකට ළඟ විසඳුම් මිස දුර දැක්‌මකින් යන ගමනක් නැත. අවසානයේදී එය ජාතියේ ඉරණම"දුර නොබලන, ළඟ බලන සමාජයක් කරා..." තල්ලුකිරීමට සමත් වී තිබේ.
ලෝකය ජයගන්න නිහතමානී වන්න
අසත්පුරුෂයා අවවාදයට කැමැති නෑ. නමුත් සත්පුරුෂයා අවවාදයට කැමැතියි. එහෙම කිව්වා විතරයි මෙයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳවැටුණා ‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මට සමාවෙන සේක්වා...! මට ඒ අර්හත් මාර්ගය පෙන්වා දෙන සේක්වා...!’ කියලා කිව්වා. අන්න සත්පුරුෂයා. එහෙම නම් සත්පුරුෂයාගේ එක ලක්ෂණයක් තමයි නිහතමානීකම. සත්පුරුෂයෙක් වෙන්න ගොඩක් උපකාර වෙන්නේ මේ සත්පුරුෂ ධර්ම ඉගෙන ගැනීම. සත්පුරුෂ ධර්ම ඉගෙනගෙන සත්පුරුෂයෙක් බවට පත්වෙන ගතිගුණ පුරුදු පුහුණු කිරීමෙන්.
දේව බලය ලංකරගන්න
ජීවිතය පිළිබඳ අනේකවිධ ආකෘතීන් අප විසින් අත්දැක තිබේ. බුදු දහම මිනිසාට මඟ කියා දෙන්නේ සතර අගතියෙන් තොරව සිය ජීවිතය ගෙවන ආකාරයයි. මේ මඟ අනුව සිය ජීවිතය පවත්වාගෙන යැම සඳහා උනන්දුව ඇති කර ගැනීමේ වාසිය එලොව මෙලොව දෙකටමය. එසේ තිබියදී තවමත් අපේ සමාජය විසින් උපතින් ලැබූ මේ දායාදය, සිය දියුණුව පිණිස භාවිතා නොකරන තරමට එහි අගය වටහාගෙන ඇත. මහා දායාදයක් ඔබේ අතට පත්කිරීම සඳහා මේ මාර්ගෝපදේශය ලබාදෙන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේය.
තවත් පමා නොවී මේ දැන්ම බුද්ධානුස්සතිය වඩන්න
මිනිස් ජීවිතය කියන්නෙ ගලාගෙන යන දොළපාරක් වගේ. සිඳීගෙන යන දොළ පාරක් වගේ. මේ මිනිස් ජීවිතය අහිමි වෙන්න ඉස්සර වෙලා මිනිසත් බවත් එක්කම ඔබ ලැබූ බුද්ධිමත් භාවය ඔබට දියුණු කරගන්න පුළුවන් දුර්ලභ වාසනාවක් මේ බුද්ධානුස්සති භාවනාව තුළින් ඔබට ඇති කරගන්න පුළුවන්. අනන්ත ගුණයෙන් යුතු, අනන්ත ඤාණයෙන් යුතු, මහා කරුණාවෙන් සමන්විතව වැඩසිටියා වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!
එක බණ පදයෙන් බුදුන් දැකීම
බුදු ගුණයේ මහා බලයෙන් සියලු යහපත උදා කරගත හැකි වාසනාවන්ත කාලයක වාසනාවන්ත දේශයක අප ඉපදී සිටියත් ඔහේ උපන් වාරේ සිටින සමහරු ඒ වාසනාව ළඟ ළඟම ගැවසි ගැවසී සිටියත් එය ග්‍රහණය කර ගැනීමට සමත් වී නැහැ. අනන්ත සසර පුරා සැරි සරා තව තවත් ඒ දුකේම ගිලෙනවාද…? තමන් පූරුවෙ වාසනාවකින් බුදු බණ අසන්නට හැකි අවස්‌ථාවක ලැබුණු ජන්මයෙන් ප්‍රයෝජන ගන්නවාද… ? පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ වදාරන ලද මේ දහම් පණිවිඩය ධර්මයෙන් බුදුන් දැකීම උදෙසාය.
දන් දීමෙන් දිව්‍ය සැපත්, මසුරුකමෙන් ප්‍රේත දුකත් උරුම කරගත්තෝ
අප මේ මිනිස් ලොව ගතකරන මේ ස්‌වල්ප කාලය අපේ ජීවිතයේ එක්‌තරා තීරණාත්මක පරිච්ඡේදයක්. මේ කාලයේදී තථාගතයන් වහන්සේ වදාළ සත්‍ය නො දැනීම තමයි අපට තිබෙන ලොකුම අලාභය. පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බෝසතාණන් වහන්සේ ගිය ගමන අතිශයින්ම අසාමාන්‍යයි. ඒක සාමාන්‍ය පුද්ගලයකුට කරන්න පුළුවන් දෙයක් නොවේ. වරින් වර සතර අපායට වැටෙන ලෝකයක පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභ එකක්. ඒ බුද්ධත්වය මේ ලෝකයේ ඉතාමත් සුළු පිරිසකටයි ලැබෙන්නේ.
ලේ බොන ප්‍රේතයෙක් වී දුවගේ කුසට වධ දුන් තාත්තා
වැදගත්ම දේ වෙන්නේ කුඩා දරුවන්ගේ සිත නියමාකාරයෙන් සැකසීමයි. වැඩිහිටියන් සීලය ගැන කතා කරනවා තමයි... නමුත් ඔවුන් කිසිවෙක් කතා කරන්නේ නෑ තෙරුවන ගැන.... අප සරණ ගිය බුදුරජාණන් වහන්සේව නිරන්තරයෙන් සිහිකළ යුතුයි. ඒ ශ්‍රී සද්ධර්මය නිතර සිහිකළ යුතුයි. ඒ මහ රහතන් වහන්සේලාගෙන් යුතු මාර්ගඵලලාභී සංඝරත්නය අප නිතර සිහි කළ යුතුයි. වැඩිහිටියන් ඉස්සර වෙලාම මේ තැනට එන්නට ඕන. නැතිව කුඩා දරුවන්ව හරිගස්වන්න බැහැ. වැඩිහිටියන් නිවැරදි වුණොත් කුඩා දරුවන් නියම මාර්ගයට ගැනීම ඉතාම ලේසියි.
විභාගයෙන් සමත් වන්නට පමණක් නොව අභාගයෙන් දුරුවෙන්නටත් අපේ දරුවන්ට තිසරණයෙන් මගක්…
සාමාන්‍යයෙන් ලෝකයේ අනිකුත් මිසදිටු ආගම් තමන්ගේ ශාස්තෘන් වහන්සේ සිහිකරන්න සුවිසල් මන්දිර හදනවා. අපේ බෞද්ධයන්, බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් පන්සලක් හැදුවොත්, ඒකටත් බනිනවා. මෙච්චර විශාල එකක් බුදුන්ට හදන්නේ ඇයි, කියලා බනිනවා. මේ ගැරහීම ඒ අයගේ විපත්තියට හේතු වෙන්න පුළුවන්. රුවන්වැලි මහා සෑයට වඳින්න, පුදන්න කියලා, අපි කියනවා. තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියන එක හඳුනානොගත් අයට, මේකට ගරහන්න පුළුවන්.

කරදර 

