උගුල සිඳෙයි
විමලා අපේක්ෂිත උද්‍යෝගය මෙම පුරුෂයාගෙන් නොලැබේ. ඇයට තවදුරටත් ඉවසන්නට නොහැකි විය. ඈ තව තවත් උමතු වූවා ය. උරහිස මත දවටා තිබූ දුහුල් සළුව සිරුරෙන් මෑත් කොට උඩට වීසි කරමින් සිනහ නැගුවා ය. ලාලිත්‍යයකින් යුතුව ඔබමොබ ගමන් කළා ය. දෑත් පිටුපසට යවා තනපට වෙළුම් ගැටය මුදාහැරියා ය. උඩුකය නිරාවරණය කරගත් ඈ සරාගී බැල්මෙන් යුතුව නටමින් ඇවිද්දා ය.








