නුවණ වැඩෙන බෝසත් කථා
අලුත් පළකරන ලද ජාතක කථා
024. ආජාණීය අශ්වයා(ආජඤ්ඤ ජාතකය)
ආජානේය අශ්වයෝ දෙන්නා යුද ඇඳුමෙන් සරසවා රථයේ යෙදෙව්වා. මහා යෝධයාත් සන්නාහයෙන් සන්නද්ධව රථයට නැංගා. එක එක බලකොටුවට කඩාපැන්නා. සයවෙනි රජාව අල්ලාගත් වේලේ වැඩිමහල් අශ්වයා මාරාන්තික සතුරු ප්‍රහාරයකට ලක්වුනා. නමුත් අශ්වයා ලේ වැගිරෙද්දි රථය ප්‍රමාද කළේ නෑ. රජ මිදුලට ම ආවා.
023. භෝජ ආජානීය අශ්වයා(භෝජාජානීය ජාතකය)
යම්කිසි වැඩක් පටන් ගත් විට කාට වුනත් බාධා ඇතිවෙන්ට පුළුවනි. අපහසුතා ඇතිවෙන්ට පුළුවනි. සිය උත්සාහය නැතිවෙන්ට පුළුවනි. එබඳු අවස්ථාවක තමාව දිරිමත් කරන්ට කවුරුන් හෝ සිටින්ට ඕනේ. එහෙම දිරිමත් වීමෙන් නැවතත් සිත ධෛර්යවත් කරගන්ට ලැබුනොත් තම අදහස් මුදුන්පත් කරගන්ට ඉඩ සැලසෙනවා. මෙයත් එබඳු කථාවක්.
022. කුක්කුර ජාතකය(බෝසත් සුනඛ ජාතක කථාව)
‘ඕහෝ.... එහෙනම් මේක රාජ මාලිගාවේ ඇතිකරන වංශවත් බල්ලන්ගේ වැඩක් වෙන්ට ඕනෑ.... වැරදිකාරයන්ට කිසි දඬුවමක් නෑ. වරදක් නොකළ අයටයි මරණ දඬුවම! දැන් මට කරන්ට තියෙන්නේ එක දෙයයි. හැබෑ වැරදිකාරයෝ කවුද කියලා රජ්ජුරුවන්ට පෙන්නන්ට ඕනෑ’ කියලා බෝසත් සුනඛයා කල්පනා කළා.
021. කුරුංග මිග ජාතකය
“පල... මුවෝ යන්න. මාත් තොට විරුද්ධයි” කියලා වාඩි වී ඉන්න ගමන්ම ආයුධයෙන් මුවාට ගැහුවා. බෝධිසත්වයෝ විදුලිය වගේ සැණෙකින් අහකට පැනලා නැවතුනා. මෙහෙම කිව්වා. “එම්බල මිනිහෝ.... දැන් මට කවුරුහරි විරුද්ධ වුනොත් ඔහුට අටමහ නරකාදියත් උස්සද නිරය දහසයත් පස්වැදෑරුම් වධබන්ධනත් විරුද්ධ නෑ. ඒවා ඔහුත් එක්ක යාළුයි”
020. නළපාන ජාතකය
ඉතින් ඒ වානර පිරිස මහවඳුරා ගේ කීමට අනුව ම කටයුතු කළා. දවසක් මේ වානර පිරිස වෙන පළාතකට ගියා. ඒ පළාතේ පානය කරන පැන් පොකුණක් හොයා ගන්න ටික දවසක් ගතවුනා. වඳුරු පිරිස ඒ පොකුණ ළඟට ගියා. නමුත් පැන් බිව්වේ නෑ. මහවඳුරා එනකල් මග බල බලා සිටියා. බෝසත් වඳුරා ආවා.
019. ආයාචිතභත්ත ජාතකය
ඉතාමත් ඈත අතීතේ එක්තරා ගමක හිටිය නිවැසියෙක් ගම ඉදිරියේ පිහිටි සුවිශාල නුගරුක ළඟට ගියා. ඒ නුග රුකට අරක්ගත් දෙවියන්ට සත්ව බිල්ලෙන් දානයක් දෙන්න පොරොන්දු වුනා. කරදරයක් නැතිව ආපහු ඇවිත් ඒ සත්තු බිලි දීල බාරෙන් නිදහස් වෙන්නම් කියලත් පොරොන්දු වුනා. එතකොට ඒ නුග රුකේ හිටපු රුක්දෙවියා අතුපතර තුලින් අර මිනිසා ඉදිරියේ පෙනී සිට මේ ගාථාව පැවසුවා.
018. මතකභත්ත ජාතකය
බ්‍රාහ්මණය.... මට මගේ පෙර ආත්මේ මතක් වුනා. මාත් පෙර ආත්මේ ඔහේ වගේම හොඳට වේදය ඉගෙන ගත්තු බ්‍රාහ්මණයෙක්. මාත් මතකබතක් දෙන්න ඕනා කියලා එළුවෙක් මැරුවා. දානෙත් දුන්නා. ඒ එක එළුවෙකු මරාපු පවෙන් හාරසිය අනූනව ආත්මයක් ම හිස ගැසුම් කෑවා. මේ පන්සිය වෙනි ආත්මේ. මේ ආත්මෙන් මගේ ඒ පාපෙ ඉවරයි. ඒ දුකින් මං නිදහස් වෙනවා නේද කියල සිතුනාම මට සන්තෝෂෙට හිනා ගියා
017. මාලුත ජාතකය
“මහණෙනි, ඒක මෙහෙමයි වුනේ. ඈත අතීතේ එක්තරා පර්වතයක් පාමුල සිංහයෙකුයි කොටියෙකුයි වාසය කළා. දෙන්නා හොඳ යාළුවෝ. එකම ගල්ලෙනේ වාසය කළේ. ඒ කාලේ බෝධිසත්වයෝත් ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා ඒ පර්වතේ පාමුල ම වාසය කළා. දවසක් ඔය සිංහයයි කොටියයි අතර වාදයක් හටගත්තා."
016. තිපල්ලත්ථමිග ජාතකය
ඉතින් ඒ මුව පැටියත් පා සතරේ කුරවලින් හොඳ හැටියට පොළොව පහුරු ගැහැව්වා. එක පැත්තකට පා සතරම දමාගත්තා. දිව ඉදිරියට නෙරා ගත්තා. මල මූත්‍රා පහකරගත්තා. හුස්ම ඉහලට අරගෙන තදකොට බඩ පුම්බා ගත්තා. කටින් කෙළ වැගිරෙව්වා. කෙළත් මලමූත්‍රාත් වැගිරුන නිසා නිල මැස්සන් පිරුනා. කපුටොත් ටික ටික වට වෙවී හිටියා.
015. ඛරාදිය ජාතකය
වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ, ආචාර්ය උපාධ්‍යායන්ගේ අවවාදයට ඇහුම්කන් දීම කියන්නේ ඉතා වටිනා ගුණයක්. ඒ ගුණය අහිමි කරගත් කෙනා ඕනෑම අවස්ථාවක ඕනෑම අකරතැබ්බයකට පත්වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වැඩිහිටි වූ දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ යහපත් අවවාදයක ඇති උපකාරය තේරුම් ගැනීම ගොඩාක් වැදගත්.