නුවණ වැඩෙන බෝසත් කථා

ජාතක පොත් වහන්සේ ඔබ කියවලා ඇති. කුඩා අවධියේත්, පාසලේදීත්, සරසවියේත්, පන්සලේ බණ මඩුවේත්, වෙසක් නාඩගමේත් අපි ජාතක කථා රස වින්දෙමු. නමුත් එහි සෑබෑ අරුත කුමක් දැයි තේරුම් ගන්නට අප සමත් වූ වගක් නම් නොපෙනේ.

‘නුවණ වැඩෙන බෝසත් කථා’ නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟිනි. මෙහි අරුත් දැන එම කථාවත් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්‍රතිඵලයයි.

හැම දෙනාටම තෙරුවන් සරණයි!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අලුත් පළකරන ලද ජාතක කථා

004. චූළසෙට්ඨි ජාතකය

පින්වතුනේ, පින්වත් දරුවනේ, ගොඩාක් අය බාහිර අයගේ දියුණුව බල බලා හූල්ලමින් ඉන්නවා. පොඩි වෙළඳාමක්වත් කරන්න ලැජ්ජයි. මහා ඉහළින් පටන් ගන්ට සිතාගෙන ඉන්නවා. සිහින මාලිගා සිතින් හද හදා ඉන්නවා. අනුන්ට ඊර්ෂ්‍යා කර කර ඉන්නවා. නැකැත් නිමිති බල බල, දිසා බල බල ඉන්නවා. උත්සාහය නුවණ තියෙන කෙනා ඉතා සුළුවෙන් පටන් ගෙන දියුණු වෙලා යනවා. මේවා අපට හොඳ පාඩම්.

003. සේරිවාණිජ ජාතකය

මේ සේරිවාණිජගේ කතාවෙන් කියැවෙන්නේ ගුණධර්ම නැතිව ආත්මලාභය මුල් කොට වැඩ කරන්න එපා කියලයි. ගුණධර්ම වලින් යුක්තව වැඩ කටයුතු කොට දියුණුව ලබන්න කියලයි. එය තමයි මේ ජාතක කථාවේ සැබෑ අරුත.

002. වණ්ණුපථ ජාතකය

එතකොට ඔහු ඒ වචනය පිළිගත්තා. අනිත් හැමෝම වීරිය අත්හැරලා පැත්ත වැටිලා සිටිද්දි මොහු තනියම වලට බැස්සා. වීරිය අත්නොහැර එක දිගට ම ගලට පහර දුන්නා. මහණෙනි..... අත්නොහරින වීරිය හරි සාර්ථක දෙයක්. අර ගල පිපිරුනා නොවැ...... මේන්න දිය සීරාව උඩට මතු වුනා.

001. අපණ්ණක ජාතකය

මේ කථාව නිසා තිසරණය කියෙන්නේ නිදොස් ප‍්‍රතිපදාව කියල අර උපාසක වරුන්ට වැටහුනා. තිසරණයෙන් බැහැර ඇති පිහිට තියෙනවා කියන තැන් අර අමනුස්සයන් ගේ මායාව වගේ කියලත් අවබෝධ වුනා. භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් පිළිසරණ ඒ උපාසකවරුන්ට තේරුනා. ඔවුන් සියලු දෙනා සෝවාන් ඵලයට පත් වුනා.