පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය, බොහෝ දෙනෙකුට උතුම් පින් රැස් කරගැනීමට මග විවර කරමින් පසුගිය 12 වන දින ඉතා අලංකාර අන්දමින් පැවැත්වුණි.
මෙවර වස් ආරාධනාව කොට කඨින පින්කම සිදුකරන ලද්දේ ඉඹුල්ගස්දෙණිය පුරාණ හෙළ වෙදගෙදර පාරම්පරික දේශීය වෛද්‍ය, ආයු සිලෝන් පුද්ගලික සමාගමේ කළමනාකරන අධ්‍යක්ෂක එච්. ආර්. ධම්මික ප්‍රදීප් ප්‍රේමරත්න වෙද මහතා ඇතුළු පවුලේ සියළු දෙනාත්, ආයු සිලෝන් හර්බල් ඩ්‍රග්ස් පුද්ගලික සමාගම සහ ඉඹුල්ගස්දෙණිය පුරාණ හෙළ වෙදගෙදරට සම්බන්ධ කාර්ය මණ්ඩලය සහ පවුලේ ඤාතීන් හිතවතුන් විසිනි.
උදෑසන 5.30ට පෙරහැරින් මහත් හරසර මැද උතුම් කඨින චීවරය ඇතුළු සෙසු වස්සාවාසික චීවර වඩමවාගෙන අවුත් සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාවේ තැන්පත් කරන ලදී. අනතුරුව දහවල සම්බුද්ධ පූජාවෙන් පසු මහා සඟරුවන දානශාලාවට වඩමවා කඨින චීවරය සඟසතු කොට පූජා කොට, දන් පැන් හා සෙසු පරිෂ්කාර පූජා කරන්නට යෙදුනි.
පැමිණ සිටි පිරිසට දිවා ආහාරය ලබාදීමෙන් අනතුරුව දහවල් 2.00 ට පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් කඨිනානිශංස ධර්ම දේශනාව පවත්වා පුණ්‍යානුමෝදනාව සිදුකරන ලදී.
පින්කමේ ඡායාරූප ඔබට දැකබලා සිත් පහදාගෙන අනුමෝදන් වීම පිණිස මෙහි පළකොට තිබේ.
සියල්ලෝ මේ උතුම් පින්කම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
මේ පින්කම සඳහා මඟපෙන්වමින් අනුශාසනා කළ අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞතම බුදු සසුනෙහි පිළිවෙත් පුරන සියලු මහසඟරුවනටත්, මෙම පින්කම මනාකොට සංවිධානය කරමින් සිදුකළ, සහභාගී වූ, උපකාරී වූ, දැකබලා අනුමෝදන් වූ සැමටත් මේ ගෞතම බුදුසසුනේදී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම මේ මහානීය පින හේතු වාසනා වේවා!






සාදු සාදු සාදු 🙏🙏🙏
සතුටු සිතින් අනුමෝදන් වෙමි 🌹🌹🌹🤍🙏✨
සතුටු සිතින් අනුමෝදන් වෙමි.
දෙවැනුව ද අනුමෝදන් වෙමි.
තුන්වෙනිවද අනුමෝදන් වෙමි.
සතුටු සිතින් අනුමෝදන් වෙමි! 🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ මාගෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! ඒ තාථාගත ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏ඒ ආර්යය වූ මාගෙ මහ සංඝ්රත්නයට 🙏 මාගේ පිංවත් ලොකුස්වාමීන් මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏 වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! උන් වහන්සේ තව බොහෝ කලක් ගෞතම සම්බුදු රාජ්‍යය බබලවන්නත්, මගෙ ගෞතම බුදුපියාණන් වහන්සේගේ උතුම් බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමටත් ලබේවා! පිංවත් අසපුවාසි හා ලෝ වාසි පූජනීය මහ සංඝරත්නයද නිදුක් නීරෝගි වෙත්වා! මේ උතුම් පිංකමට වචනයෙන් පවා උදව් කල සියලු දෙනාටත් දැක බලා සතුටු උන සියලු දෙවියෝත්, සියලු බ්රහ්මරාජයොත් මාගෙ ගෞතම බුදු පියානණ්ගෙ උතුම් බුදුසසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා!