මියන්මාර භූකම්පනයෙන් අසරණ වූ ජනතාවට මහමෙව්නාවෙන් රු. මිලියන 16 ක්.
මියන්මාර වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ඔවුනට ආධාර අවැසි මොහොතේ මෙම ආධාර වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට එක් වූ සියලු දෙනාට ම මහමෙව්නාව අසපු සංචිතය පුණ්‍යානුමෝදනා පුද කර සිටී.
මියන්මාර වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ඔවුනට ආධාර අවැසි මොහොතේ මෙම ආධාර වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට එක් වූ සියලු දෙනාට ම මහමෙව්නාව අසපු සංචිතය පුණ්‍යානුමෝදනා පුද කර සිටී.
ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය බුදු වසින් 2569 ක් වූ වෙසක් පුන් පොහෝ දින (ව්‍යවහාර වර්ෂ 2025/05/12) ධර්ම ශාලා පරිශ්‍රය, සංඝාවාස පරිශ්‍රය ද සමගින් සකල විහාරාංගයන්ගෙන් සමලංකෘත ව චංචල නිශ්චල දේපල සහිතව ගෞතම බුදු සසුනට පූජා වූ වගයි!
මාළඹේ මහමෙව්නාව භාවනා අසපුවෙහි ඉදි වූ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය 2025 අප්‍රේල් මස 12 වන දා බක් පුන් පොහෝ දා, ගරුතර මහා සංඝ රත්නයේ සහ නොයෙක් දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේ, දෙව් මිනිසුන්ගේ වන්දනාමාන පිණිස ගෞතම බුදු සසුනට පූජා විණි.
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් මංගල ශිලා පිහිටුවා ආරම්භ කොට පස් වසරක් පුරා දෙස් විදෙස් සැදැහැවතුන්ගේ නොමසුරු දායකත්වයෙන් පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා උදෙසා ඉදිවූ කුටි 60, ගිලන් කුටි 4, සදහම් ශ්‍රවණාගාරය, පුස්තකාලය සහ භාවනා ශාලාවකින් සමන්විත වූ...
හැඟීම්බර, සංවේදී සහ ආවේගශීලී තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළින් සුවපත් කරනු පිණිස සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන’ සදහම් වැඩසටහන 2025 පෙබරවාරි 15 වැනි දින 15000කට අධික තරුණ පිරිසකගේ සහභාගීත්වයෙන් කුණ්ඩසාලේ මහමෙව්නාව....
කැලණිය විශ්ව විද්‍යාලයේ 147 වන උපාධි ප්‍රදානෝත්වයේ දී පුරාවිද්‍යා විෂයයන් සඳහා පිරිනැමුනු ස්වර්ණ මුද්‍රිකා (Gold Medals) පහම සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමිපාණන් වහන්සේ විසින් දිනාගනු ලැබුවා.
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය, බොහෝ දෙනෙකුට උතුම් පින් රැස් කරගැනීමට මග විවර කරමින් පසුගිය 27 වන දින ඉතා අලංකාර අන්දමින් පැවැත්වුණි. මෙවර වස් ආරාධනාව කොට කඨින පින්කම සිදුකරන ලද්දේ....
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ආනන්ද මහරහතන් වහන්සේගේ ජීවන චරිතය අළලා රචනා කරන ලද ‘සම්බුදු සුවඳේ පහස ලත් අනඳ මහතෙරණුවෝ’ නවතම ග්‍රන්ථය 2024 අගෝස්තු මස 24 වන දා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී එළිදක්වන ලදී.
ඇල්ල, බණ්ඩාරවෙල, කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපු බෝධිපර්වත කඳු මුදුනේ ඉදිවූ ශ්‍රී ඉන්දක සමන් සත්බුදු මහාසෑ […]
ඓතිහාසික අනුරාධපුර මිහින්තලා පින්බිමෙහි සුපිහිටි, වසර දහස් ගණනකට පසුව ප්‍රතිසංස්කරණයට කරන්නට යෙදුණ ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑ රජාණන් වහන්සේගේ “ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය” වර්ෂ 2024 ක් වූ ජූනි 21 වන දිනට යෙදුණු පොසොන් පුන් පොහෝදා අලුයම 6.00ට අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.