Walk For Peace Sri Lanka සාම පාගමනේ දෙවන දිනයේදී, එනම්, 2026 අප්‍රේල් මස 22 වන දින දඹුල්ලේ සිට මාතලේ අළු විහාරය දක්වා වැඩම කරනු ලැබූ වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ අතරවාරයේ මාතලේ, මඩවල උල්පත මහමෙව්නාව භාවනා අසපුවට ද වැඩම කරන ලදහ. එම අවස්ථාවේදී උන්වහන්සේලාට වෙහෙස නිවාගැනීමට ගිලන්පස පූජා කිරීමෙන් අනතුරුව රැස්ව සිටි සැදැහැවතුන්ට කෙටි ධර්මානුශාසනාවක් ද පවත්වා නැවතත් උන්වහන්සේලාගේ ගමනාන්තයට වැඩම කිරීම සඳහා පිටත් වූහ.






Naomi Bhddhaya🙏🙏🙏 Bohoma pin kusal wewaa uthum maha sangha rathnayata Mahamwenawen kala uthum piliganima saha aganthuja sathkarayata. Itha agaya karami🙏🌷🙏 Theruwansaranaii🙏🙏🌷🙏
🙏🙏🙏