බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
යොවුන් දහම් සක්මන – 2026
විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් අනාගතයක් ගොඩනගනු වස් සිහින දකින වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී සොඳුරු තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළින් සුවපත් කරනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේත් නිර්මාතෘ අතිපූජනීය [...]
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති සර්වරාත්‍රික 🪷 මහා සතිපට්ඨාන දේශනාව 🪷
ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන් ඊයේ (දෙසැම්බර් 27) රාත්‍රිය පහන් වනතුරු "මහා සතිපට්ඨාන දේශනය" පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේ විසින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පවත්වන්නට යෙදුනා.
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2025
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය, බොහෝ දෙනෙකුට උතුම් පින් රැස් කරගැනීමට මග විවර කරමින් පසුගිය 12 වන දින ඉතා අලංකාර අන්දමින් පැවැත්වුණි. මෙවර වස් ආරාධනාව කොට කඨින පින්කම සිදුකරන ලද්දේ....
දිවි සුරකින මෝර පිරිත – Mora Piritha
🙏 මෝර පරිත්තං 🌷 උදේතයං චක්ඛුමා ඒකරාජා හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං තයජ්ජ ගුත්තා විහරේමු දිවසං මේ හිරු උදා වන විට - ඇස් ඇති එක ම රජු ලෙස පතුරුවා රන්වන් රැස - [...]
ගාල්ල මහමෙව්නාවේ අභිනව දම්සභා මණ්ඩපය බුදුසසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය
ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපු භූමියේ ඉදිවූ අභිනව දම්සභා මණ්ඩපය ගෞතම සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය සුපින්බර පොසොන් පුන් පොහොය දින අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්
මියන්මාර භූකම්පනයෙන් අසරණ වූ ජනතාවට මහමෙව්නාවෙන් රු. මිලියන 16 ක්.
මියන්මාර වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ඔවුනට ආධාර අවැසි මොහොතේ මෙම ආධාර වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට එක් වූ සියලු දෙනාට ම මහමෙව්නාව අසපු සංචිතය පුණ්‍යානුමෝදනා පුද කර සිටී.
ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය ගෞතම බුදු සසුනට පූජා වූ වගයි!
ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය බුදු වසින් 2569 ක් වූ වෙසක් පුන් පොහෝ දින (ව්‍යවහාර වර්ෂ 2025/05/12) ධර්ම ශාලා පරිශ්‍රය, සංඝාවාස පරිශ්‍රය ද සමගින් සකල විහාරාංගයන්ගෙන් සමලංකෘත ව චංචල නිශ්චල දේපල සහිතව ගෞතම බුදු සසුනට පූජා වූ වගයි!
වෙසඟේ අසිරිය!
පාළි භාෂායෙන් ‘වේසාඛ’ කියනුයේ වෙසක් මාසයට ය. සංස්කෘත භාෂායෙන් ‘වෛශාඛ’ කියාත්, හෙළ බසින් ‘වෙසක්’ කියාත් එය ව්‍යවහාර කෙරේ. මෙකල අතිශයින් ම ප්‍රකට ව පවතිනුයේ ‘වෙසක්’ යන නාමය යි. එය ඒ මාසයට කියන නම ය. ඒ මාසයේ එළඹෙන පුන් පොහොය ද වෙසක් නමින් හැඳින්වෙනුයේ ඒ නිසා ය. එසේ නැතිව වේශයක්, වෙනසක්, විශේෂයක්, වෙනස් බවක් යන අරුතක් එහි නැත්තේය.
බක් පුන් පොහෝ දා ගෞතම බුදු සසුනට පූජා වූ අග්‍රගණ්‍ය විහාර මන්දිරය – බුදු පසේබුදු අරහන්තක මහා විහාරය
මාළඹේ මහමෙව්නාව භාවනා අසපුවෙහි ඉදි වූ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය 2025 අප්‍රේල් මස 12 වන දා බක් පුන් පොහෝ දා, ගරුතර මහා සංඝ රත්නයේ සහ නොයෙක් දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේ, දෙව් මිනිසුන්ගේ වන්දනාමාන පිණිස ගෞතම බුදු සසුනට පූජා විණි.
අනගාරිකා අසපුවේ නව කුටි සංකීර්ණයට දායක වූ සැමට පුණ්‍යානුමෝදනා!
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් මංගල ශිලා පිහිටුවා ආරම්භ කොට පස් වසරක් පුරා දෙස් විදෙස් සැදැහැවතුන්ගේ නොමසුරු දායකත්වයෙන් පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා උදෙසා ඉදිවූ කුටි 60, ගිලන් කුටි 4, සදහම් ශ්‍රවණාගාරය, පුස්තකාලය සහ භාවනා ශාලාවකින් සමන්විත වූ...










