කාර්යබහුල ගිහි ජීවිතයේ ලැබෙන පුංචි නිවාඩුවෙන් විවේකීව භාවනා කරමින් ධර්මය ඉගෙන ගන්ට මහන්සි වෙන ගෞතම ශ්‍රාවක දරුවන් සඳහා නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මංපෙත් විවර කරමින්, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වූ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කාරුණික සංකල්පයකට අනුව ආරම්භ කළ, භාවනා වැඩසටහන….
මොකක්ද සති භාවනා වැඩසටහන කියන්නේ ?
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක දරුවන් වූ පින්වන්ත ඔබටත්, නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මේ තුළින් අවස්ථාව උදාකරගන්නට පුළුවනි.