නමෝ බුද්ධාය!

ඔබ ලෝකයේ කොහේ සිටියත් ගෙවමින් සිටින්නේ දුර්ලභව ලද මිනිස් ජීවිතය යි. මිනිසෙකුට අතිශයින් ම දුර්ලභව ලැබෙන ප්‍රඥා නිධානය වනාහී අප බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය යි. එම ධර්මය බුදු නුවණින් ප්‍රත්‍යක්ෂ කළ, විනිවිද දුටු, සැබෑ ස්වභාවය අවබෝධ කළ දෙයකි. එය අයිති බුදුරජුන්ට ය. බුදුරජුන්ගේ විස්මිත අවබෝධයට අයත් මෙම අසිරිමත් දහම නිසි පරිදි අප තේරුම් ගතහොත් අපගේ ද නොවැටහීම නම් වූ අඳුර විනිවිද දකින එළිය අපටත් ලැබෙනු ඇත.

මෙම දේශනා එකිනෙකට පිළිවෙළින් ශ්‍රවණය කිරීමත් එම දෙසුම් ඇතුලත් කොට ඇති පොත් කියවීමත් ඒ සඳහා ඔබට මහෝපකාරී වනු ඇත.

අලුත් දහම් වැඩසටහන – 24

මහාලී සූත්‍රය

මෙම දේශනය අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ විසාලා මහනුවර කූටාගාර ශාලාවේදී මහාලි ලිච්ඡවී රාජ කුමාරයාටයි. මෙම දේශනාව තුළ භාග්‍යවතුන් වහන්සේ හේතු ප්‍රත්‍යය සහිතව ම සත්වයා කෙලෙසී යන ආකාරයත් පිරිසිදු වී යන ආකාරයත් පෙන්වා දෙයි.

අලුත් දහම් වැඩසටහන – 25

කාලාම සූත්‍රය සහ ධජග්ග සූත්‍රය

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-11-19 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී කාලාම සූත්‍රය සහ ධජග්ග සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

අලුත් දහම් වැඩසටහන – 26

රථවිනීත සූත්‍රය

රථවිනීත සූත්‍රයෙහි සඳහන් වන්නේ මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේත් ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර ඇතිවූ දහම් සංවාදයකි.

අලුත් දහම් වැඩසටහන – 27

කුණ්ඩලිය සූත්‍රය සහ විභංග සූත්‍රය

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-01-21 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී කුණ්ඩලිය සූත්‍රය සහ මග්ග සංයුත්තයෙහි ඇතුලත් විභංග සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

ඔබේ දැනගැනීම පිණිසයි…

ලෝකයේ බොහෝ දෙනෙකු නිවන සොයා ගියත් ඔවුහු ගමන් කරන්නේ නිවැරදි මගෙහි නොවේ. ඇතැම් දේශකයන් වහන්සේලා ද ධර්මය ලෙස පවසන්නේ තම තමන්ගේ පුද්ගලික මතය යි. බොහෝ මිනිස්සු පිරිසිදු බුද්ධ භාෂිතය නොදන්නා නිසා මිරිඟු දියට රැවටුන මුව රංචුවක් මෙන් පිළිසරණක් සොයා එම දේශකයන් වහන්සේලා පසුපස යති.

එනිසා අප පිරිසිදු බුද්ධ භාෂිතය ම ඉගෙන ගත යුතුය. ඒ තුළින් බුදුරජාණන් වහන්සේ ව හඳුනාගත යුතුය. යා යුතු මගත් නොයා යුතු මගත් හඳුනාගත යුතුය. නිහතමානී සිතින් යුක්තව, මනාකොට නුවණ යොදවා, කලබල නොවී, ඉවසීමෙන් ධර්මය ම ඉගෙන ගත යුතුය.

තමන්ගේ තිසරණය රැකගෙන, යහපත් මනුෂ්‍ය ගුණධර්ම ද ඇති කරගෙන, නැවත නැවත ධර්මය ඉගෙන ගනිමින් ඒ ධර්මය නුවණින් මෙනෙහි කළ යුතුය. එවිට නුවණ වැඩීගොස් ජීවිතයේ සැබෑ තතු දකිනා එම නුවණැත්තා හට සැබෑ නිවන හඳුනාගත හැකි වනු ඇත.

“ධම්මෝ හි වාසෙට්ඨා, සෙට්ඨෝ ජනේතස්මිං දිට්ඨේ චේව ධම්මේ, අභිසම්පරායේ ච.”

වාසෙට්ඨයෙනි, මෙලොවෙහිත්, පරලොවෙහිත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි !

අපගේ භාග්‍යවතුන් වහන්සේ