මෙම අසිරිමත් සිදුවීම සිහිකොට උතුම් සදහම් දේශනාවක් දෙසැම්බර් මස 25 වන දින, සිංගප්පුරුව ශ්‍රී ලංකාරාමය විහාරස්ථානයේ දී මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේලා විසින් පවත්වනු ලැබුණි . රැස් වූ සියලු පින් පින් කැමති සියලුම දෙවියන්ට ද, සියලු බ්‍රහ්මයින්ට ද, සියලු නාගයින්ට ද, අනුමෝදන් වෙත්වා! ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාට ද, ලංකාවාසී ලෝකවාසී සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාට ද, අනගාරිකා මෑණිවරුන්ට ද , පැවිදි අපේක්ෂක දරුවන්ට ද නන් අයුරින් උදව් උපකාර කළ සියලූම පින්වතුන්ට ද, දැකබලා අනුමෝදන් වන ඔබ සැමට ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා! තෙරුවන් සරණයි!!! උතුම් අනුරාධපුර පුණ්‍ය භුමියේ විරාජමානව වැඩ සිටින අප ජයශ්‍රී මහා බෝ සමිඳුන් ලක් දිවට වැඩමවුවේ සංඝමිත්තා මහා රහත් තෙරණිය … Posted by Mahamevnawa Monastery on Saturday, December 26, 2015
උතුම් අනුරාධපුර පුණ්‍ය භුමියේ විරාජමානව වැඩ සිටින අප ජයශ්‍රී මහා බෝ සමිඳුන් ලක් දිවට වැඩමවුවේ සංඝමිත්තා මහා රහත් තෙරණිය විසිනි. උඳුවප් පුන් පොහෝ දිනයේ සඟමිත් රහත් තෙරණිය ගේ මෙම අසිරිමත් ආගමනය සිරිලක සුවහසක් කාන්තාවන්ට ගෞතම බුදුසසුනේ සනාතන විමුක්තිය ලබා ගැනීමට මුලාරම්භය විය.





