අසිරිමත් පසේබුදු පෙළහර
- අසිරිමත් පසේබුදු පෙළහර 1
- අසිරිමත් පසේබුදු පෙළහර 2
- අසිරිමත් පසේබුදු පෙළහර 3
- අසිරිමත් පසේබුදු පෙළහර 4
- අසිරිමත් පසේබුදු පෙළහර 5
- අසිරිමත් පසේබුදු පෙළහර 6
- අසිරිමත් පසේබුදු පෙළහර 7
- අසිරිමත් පසේබුදු පෙළහර 8
- අසිරිමත් පසේබුදු පෙළහර 9
- අසිරිමත් පසේබුදු පෙළහර 10
- අසිරිමත් පසේබුදු පෙළහර 11
- අසිරිමත් පසේබුදු පෙළහර 12
- අසිරිමත් පසේබුදු පෙළහර 13
- අසිරිමත් පසේබුදු පෙළහර 14
- අසිරිමත් පසේබුදු පෙළහර 15
- අසිරිමත් පසේබුදු පෙළහර 16
- අසිරිමත් පසේබුදු පෙළහර 17
- අසිරිමත් පසේබුදු පෙළහර 18
- අසිරිමත් පසේබුදු පෙළහර 19
- අසිරිමත් පසේබුදු පෙළහර 20
ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් යුගයක ආශ්වාදය යාන්තමින් හෝ විඳගන්නට තරම් අපි ද වාසනාවන්ත වෙමු. උන්වහන්සේ විසින් ලෝකයා මෙතෙක් නොඇසූ විරූ අද්භූත තොරතුරු සිය ශ්‍රාවක ජනයා වෙත හෙළිදරව් කරන ලද්දේය.
සක්විති රජවරුන් පිළිබඳව, ලෝක ධාතු පිළිබඳව, පෘථිවියේ ආරම්භය හා විනාශය පිළිබඳව, මනුෂ්‍ය වර්ගයාගේ සම්භවය පිළිබඳව මෙන්ම ‘පච්චේකබුද්ධ’ හෙවත් පසේබුදුවරුන් පිළිබඳව ද අනේක තොරතුරු හෙළිදරව් කරන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා නොදෙන්නට මේවා දැනගත හැකි වෙනත් පැහැදිලි කරුණු බාහිරින් සපයා ගත නොහැකිය. එතරම් ම පැරණි තොරතුරු එයට ඇතුළත්ය.
මෙම ග්‍රන්ථයෙන් දැනගන්නට ලැබෙන්නේ පසේබුදුරජාණන් වහන්සේලා පිළිබඳවය. සුත්ත නිපාතයට අයත් ‘ඛග්ගවිසාණ’ සූත්‍රය’ මඟින් ලත් ඒ පසේබුදුවරුන්ගේ උදාන නිසාය අප ඒ තොරතුරු දන්නේ. ‘ඛග්ගවිසාණ’ යන්නෙහි තේරුම කඟවේණ අඟය.
‘කඟවේණා’ හිමාල වන අඩවියේ විසූ අශ්වයෙකු වැනි සතෙකි. ඔහුගේ නළලින් අඟක් උඩට මතු වී ඇත. කඟවේණාගේ අඟ යනු එයයි. එය තනි අඟකි. වෙනත් කිසිවක් හා සම්බන්ධ නොවූ අඟකි. පසේබුදුවරයන් වහන්සේලාගේ ජීවිතය ද එබඳුය. අත්‍යන්ත හුදෙකලාවේ වාසය කිරීම උන්වහන්සේලාගේ ස්වභාවයයි.