පුණ්‍යානුමෝදනාවයි!
ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා!
ඒ භාග්‍යවතුන් වහන්සේගේ සොඳුරු අග්‍රශ්‍රාවක යුගල වූ
සාරිපුත්ත මහරහතන් වහන්සේගේත්, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේත්
උතුම් ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා!
අප භාග්‍යවතුන් වහන්සේගේ ගෞතම බුදුසසුන ඒකාලෝක කොට වදාළ දඹදිව් තලයේ වැඩවුසූ
අසූ මහාශ්‍රාවක රහතන් වහන්සේලාගේත් උතුම් ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා!
අප ආදිගුරුදේවෝත්තම දීපප්පසාදක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේත්,
සිරිලක් ධරණී තලය සෝභමාන කොට වදාළ ලාංකීය මහරහතන් වහන්සේලාගේත් උතුම් ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා!
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු පරිශ්‍රයේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගයේ උතුම් සුගන්ධ කුටියෙහිදී
දහසකට ආසන්න උතුම් ධාතූන් වහන්සේලා සියැසින් බැහැදැක, පහන් සිත් උපදවාගෙන, සුවඳ මල් පුදා වන්දනා කොට,
පිදිය යුතු උතුම් ශාස්තෘන් වහන්සේත්, ශ්‍රාවක සඟරුවන් වහන්සේලාත් පුදා
ජීවිතයට ආශීර්වාද ලබාගැනීමේ දුර්ලභ අවස්ථාව සළසා දෙමින්
“උත්තම ශ්‍රී ධාතු වන්දනා
මහා පුණ්‍ය මහෝත්සවය”
අප්‍රේල් මස 01 වෙනි සිකුරාදා සිට 10 වෙනි ඉරු දින දක්වා පැවැත්විණි.
ඉතා දුක්ඛිත කාල පරිච්ඡේදයක් ගෙවමින් සිටින මේ අවස්ථාවේ
ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් උතුම් ධාතූන් වහන්සේලා වන්දනා කොට
ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයත් සසර පුරා බොහෝ කල් සැප සදා දෙන,
ධාතු වන්දනාවෙන් ලබන දුර්ලභ පුණ්‍ය සම්පත්තියත් රැස්කරගත්හ.
උතුම් ධාතූන් වහන්සේලාට උපස්ථාන කිරීමෙන්ද,
පැමිණි සැදැහැවතුන් උදෙසා
මල් දන්සැල්, ආහාර දන්සැල්, අයිස්ක්‍රීම් දන්සැල් පැවැත්වීමෙන්ද,
සැදැහැවතුනට සුවසේ උතුම් ධාතූන් වහන්සේලා වන්දනා කරගැනීමට පහසුකම් සැපයීමෙන්ද
අප රැස්කළ පින සියල්ලෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
මෙම පින්කම සඳහා ආධාර උපකාර කළ සැදැහැවතුන්ටත්, ශ්‍රී ලංකා පොලීසියටත්, ආරක්ෂක අංශයේ පින්වතුන්ටත්,
මහමෙව්නාව සුවසේවා ප්‍රථමාධාර සංවිධානයේ පින්වතුන්ටත්, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ පින්වතුන්ටත්,
මහමෙව්නාව අසපු ශාඛාවන් හී සැදැහැවතුන්ටත්, නන් අයුරින් උපකාර කළ සැමටත්
මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා!
මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ දුර්ලභ භාග්‍ය උදාවෙත්වා!
උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් ද
අග්‍රශ්‍රාවක, අසූ මහාශ්‍රාවක මහරහත් ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් ද
මිහිඳු මහරහත් ධාතූන් වහන්සේගේ ආනුභාවයෙන් ද
සියලු ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් ද
ඔබටත් අප මාතෘභූමියටත් මුළු මහත් ලෝකයටත්
සියලු යහපත, සෙත ශාන්තිය සහ ආරක්ෂාව සැලසේවා!
ධාතු වන්දනාවට මහත් කැමැත්තෙන් සහභාගිවීමට බලාපොරොත්තු වුණත් සහභාගිවීමට නොහැකි විය. එය මාගේ පින් මද බව තේරුම් ගතිමි. නමුදු මෙම අතිශයින් ම දුර්ලභ වූ පිංකම මුළු හදවතින්ම අනුමෝදන් වෙමි. ලංකා භූමියෙන් ඉතා දුර බැහැර ප්‍රත්‍යන්ත දේශයන්හි වාසය කිරීමේ ආදීනව මෙම කරුණින් ම වටහා ගතිමි. අප ගුරුදෙවිඳුන් විසින් උපදවන ලද ගෞතම බුදු සසුනෙහි දහම් ඝෝෂාව මහ සයුර සිසාරා පැතිරගොස් පිනැති මිනිසුන්ගේ දෙසවන් නහවයි.
💐🙏🙏🙏 සතුටු සිතින් ඒ සියලුමපින් අනුමෝදන් වෙනවා අපිත් උතුම් ධාතුන් වහන්සේලාගේ පින්කම්වලට සහභාගි උනා 💐🙏🙏🙏🇱🇰🇺🇲🌍❤
මමත් මේ සියලුම පිං සතුටු සිතින් අනුමෝදන් වෙමි… සාදු සාදු සාදු 🙏 🙏🙏🌸🌸🌸 තෙරුවන් සරණයි ..නමෝ බුද්ධාය ..🙏🙏🙏🌸🌸🌸
Sadu… sadu….Sadu…itha gaurawayen anumodam wemi Theruwan saranai!!!
sadu sadu sadu apa hata suwase wandana kirimata ida salasu pinwath lokuswamin waahnse athulu siyalu swamin wahanselatat upakara kala samatat me pin anumodan wethwa
සාදු සාදු සතුටු සිතින් අනුමෝදන් වෙමි.
මම ඒ පින සතුටු සිතින් අනුමෝදන් වෙමි ..
Sadu ..sadu..
සාදු සාදු සදු ……
අනුමොදාම්….
සාදු සාදු සාදු අනුමෝදන් වෙත්වා
Sadu… Sadu…… Sadu……..
සාදු සාදු සාදු ……
🌼Pinwath apage maha sangha rathnatyata me pin balen WAHA ikmnin niwan nm amrutha Sepa laga wewa!!!!!!! 🌺🌺🌺🌺🌺🌺🌺
🌼Siyaluma pin sadu sithin anumodan wemi……!!!!!!!! 🌺🌺🌺🌺🌺🌺
Emenma,,🌼🌼🌼🌼
🌼EPIN dewiyoda mage Dempiyo da sathuru mithuru lowasi siyallo da Sadu sithin anumodana wewa!!!!!!!!🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Sadu….!!!!!!🌼🌼 Sadu….!!!! 🌼🌼Sadu….!!!!🌼🌼🌼🌼
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
සාදු සාදු සාදු 🙏🙏🙏හදවතින්ම සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏
🙏🙏🙏
නමෝ බුද්ධාය! මේ මිහිතලයේ වැඩ සිටිනා මහා ගුණ සුවදින් සත්පුරුෂ හදමඩලකීන් බබලන නුවණින් දිදුලන වන්දනීය වූ පුජනිය වූ ගෞරවනීය පුණ්‍යවන්ත ගුරුදෙවෝත්තමයන් වහන්සේගේ පාකමල් ආදරගෞරවයෙන් වන්දනා කරමි.අප කෙරේ මහා අනුකම්පාවෙන් මෙවන් දුෂ්කර කාල පරිච්චේ දයක සිතින් සිතාගත නොහැකි මහා අසිරිමත් “උත්තම ශ්‍රී ධාතු වන්දනා”පුන්යමහොත්ත්සවයේ රැස්වූ උදාර පුන්යධර්මයෝ හදපිරි සතුටින් අනුමෝදන් වෙනවා.මහෝත්තම ගෞරවනීය පින්බර ගුරුදෙවෝත්තමයන් වහන්සේට අසිරිමත් සත්පුරුෂ මහා සංඝරත්නයත් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරමින් වන්දනා කරමි.නමෝ බුද්ධාය!!
සාදු සාදු සාදු අනුමොදන් වෙමි
🙏🙏🙏
සාදු සාදු සාදු…🙏..සතුටු සිතින් එපින් අනුමොදන් වෙමි..🙏💝
සාදු සාදු සාදු .සතුටු සිතින් අනුමෝදන් වෙමි .මේ සියලුම පිං ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා .සාදු සාදු සාදු . බොහෝම පිං .තෙරුවන් සරනයි .!!!🙏🙏🙏
සාධු සාධු සාධු අනුමෝදාමි
මමත් මේ සියලුම පිං සතුටු සිතින් අනුමෝදන් වෙමි… සාදු සාදු සාදු 🙏 🙏🙏🌸🌸🌸 තෙරුවන් සරණයි ..නමෝ බුද්ධාය ..🙏🙏🙏🌸🌸🌸
Sadu…sadu…sadu….itha sathutin me siyalu pin itha gurawayen anumodan wami….Namo buddhaya!