පසේ බුදුවරු

ආදරය එපා වී පසේබුදු වූ අසිරිය

2021-02-21T09:03:02+05:30October 30th, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

“කොටින්ම සමහර පැවිද්දන්ට නම් කොයිතරම් සැළකුවත් සංග‍්‍රහ කොට සතුටු කරන්න බැහැ. ඇතැම් ගිහියොත් ඒ වගේමයි. මොනතරම් සැළකුවත් සෑහීමකට පත්වෙන්නෙ නෑ. අනුන්ගේ දරුවන් ගැන ඕනෑවට වඩා සෙනෙහෙ ඇති කරගෙන හිතට බර ගැනිල්ල වැඩකට නැති දෙයක්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

Comments Off on ආදරය එපා වී පසේබුදු වූ අසිරිය

මෛත්‍රී සිත් ඇති පසේ බුදුවරු

2021-01-10T10:24:09+05:30October 30th, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

සසර පුරා අනේක ආත්මභාවයන්හි ජීවිතාවබෝධය වෙනුවෙන් කරන ලද පිනෙන් සකස් වූ ඒ පසේබුදුවරුන්ගේ ජීවිත ගැන අප දැනගත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙනි. ඒ මෙසේය. දිනක් අනඳ මහතෙරුන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ පසේබුදුවරයන් වහන්සේලා ගැන කියා දෙන ලෙසයි. එවිට බුදුරජාණන් වහන්සේ අනඳ හිමියන්ට ගාථා වශයෙන් ‘ඛග්ගවිසාණ’ සූත‍්‍රය වදාළ සේක. එම ගාථාවලින් කියවෙන්නේ ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගථාවන්ය. මෙම ගාථා සඳහන් වන්නේ සුත්ත නිපාතයෙහිය. මෙයද සම්බුදු මහිමයේ අසිරියෙකි.

Go to Top