03. සතර සතිපට්ඨානය තුළ සතිසම්පජඤ්ඤ භාවනාව

2020-02-11T16:27:23+05:30October 31st, 2014|සිතට සුව දෙන භාවනා|

අපි ඉගෙන ගත්තා ඒකට පංච නීවරණ කියල වචනයක්. පංච නීවරණ කියලා කිව්වෙ. (කාමච්ඡන්ද) රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට ආසා කරලා සිත ඇදිලා යන එකට. (ව්‍යාපාද) ගැටෙන අරමුණුවලට හිත ගැටි ගැටී පවතින එක. (ථීනමිද්ධ) කම්මැලිකම, අලසකම, නිදිමත, කරන්න බෑ කියල මනසින් පසුබාන ගතිය. (උද්දච්ච කුක්කුච්ච) පසුතැවීම හා හිත විසිරීම (විචිකිච්ඡා) මේ වැඩපිළිවෙල ගැන තමන්ට විශ්වාසයක් නැතිවීම. එතකොට මේ වැඩපිළිවෙල දිගටම කරගෙන යන්න හිතෙන්නෙ නෑ.