වෙසඟේ අසිරිය!

2025-05-10T13:02:29+05:30May 10th, 2025|Dhamma Articles, දහම් ලිපි සරණිය|

පාළි භාෂායෙන් ‘වේසාඛ’ කියනුයේ වෙසක් මාසයට ය. සංස්කෘත භාෂායෙන් ‘වෛශාඛ’ කියාත්, හෙළ බසින් ‘වෙසක්’ කියාත් එය ව්‍යවහාර කෙරේ. මෙකල අතිශයින් ම ප්‍රකට ව පවතිනුයේ ‘වෙසක්’ යන නාමය යි. එය ඒ මාසයට කියන නම ය. ඒ මාසයේ එළඹෙන පුන් පොහොය ද වෙසක් නමින් හැඳින්වෙනුයේ ඒ නිසා ය. එසේ නැතිව වේශයක්, වෙනසක්, විශේෂයක්, වෙනස් බවක් යන අරුතක් එහි නැත්තේය.