බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (8 කොටස)

2019-01-11T16:23:43+05:30January 11th, 2019|ජම්බුද්වීපය|

බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද රාජ්‍යයන්ගෙන් බලවත් ම රාජ්‍යය මගධය යි. මගධ රාජ්‍යයේ පාලකයා වූයේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකු වූ බිම්බිසාර රජතුමා යි. එතුමාගේ පාලන සමයේදී යාබද පිහිටි අංග රාජධානිය ද මගධයට එක් කර ගත් අතර අංගයේ අගනුවර වූයේ චම්පා නගරය යි. මගධයේ උතුරු සීමාව ගංගා නදිය වූ අතර නැගෙනහිරින් චම්පා නදිය ද දකුණෙන් වින්ධ්‍යා කඳුවැටිය ද බටහිරින් සෝණ නදිය ද සීමා මායිම් විය.