පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017 මාර්තු මස 12 වෙනි දින (මැදින් පුන් පොහෝදා) අංගුත්තර නිකායේ (4) පුරිසින්ද්රියඤාණ සූත්‍රය විස්තර කරමින් පවත්වන්නට යෙදුණු සුමධුර ධර්ම දේශනය…
ශ්රද්ධාවන්ත පින්වත්නි,
අද අපි ඉගෙන ගන්නේ හරි ලස්සන දේශණාවක්. ඔබ අපි කවුරුත් දන්නවා අපි සරණ ගිය අපගේ ශාස්තෘණ් වහනන්සේගේ ප්‍රඥා මහිමය, උන්වහන්සේගේ අවබෝධය අපට හිතාගන්න පුලුවන් එකක් නෙමෙයි. ඒ උන්වහන්සේගේ අවබෝධය නිසා තමයි අපට ටිකක් හරි පිහිටක් ලබාගන්න පුලුවන් වෙන්නේ. මේ දේශණාව අන්තර්ගත වන්නේ අංගුත්තර නිකාය හයවෙනි නිපාතයේ. මේ දේශණාවේ නම තමයි පුරිසින්ද්රියඤාණ සූත්‍රය. ඒ කියන්නේ මේ සත්වයන් තුල තියෙනවා අමුතු හැකියාවක්. ඒක ගැන විස්තර කරපු දේශණාවක්. ඉතින් අපි මේ දේශණාව අහන්ට ඉස්සෙල්ලා අපගේ ශාස්තෘන් වහන්සේගේ ධර්මයට උදව්වෙන කාරණයක් අපි දැන ගමු. අපි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. මනුස්ස ලෝකේ ආවා කියලා අපිට කයින් වැරදි සිද්ධ වෙන්නේ නැද්ද? වැරදි සිද්ධ වෙනවා. වචනයෙනුත් වැරදි සිද්ධ වෙනවා. මනසිනුත් වැරදි සිද්ධ වෙනවා.
මේ වැරදි වලට අපි කියනවා අකුසල් කියලා. මේ වැරදි සිද්ධ වෙන්න හේතුවුන කාරණයට අපි කියන්නේ මොකක්ද අකුසල් මුල් කියලා. ඒ වගේම අපිට තියෙනවා කිසියම් හැකියාවක් කයින් සිදු වුන වැරදි වලින් වළකින්න. වචනයෙන් සිදුවන වැරදි වලින් වළකින්න. හිතෙන් සිදුවන වැරදි වලින් වළකින්න. ඒවට කියනවා කුසල් කියලා. ඒ කුසල් වලටත් මුල්වන කුසල් මුල් තියෙනවා. එතකොට මේ අකුසල්, කුසල් අපේ හිත්වල වැඩකරන ආකාරය තමයි මේ සූත්‍ර දේශණාවෙන් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ කොසොල් රටේ චාරිකාවේ වඩිමින් සිටියා භික්ෂූන් වහන්සේලා සමග. ඒ කොසොල් රටේ චාරිකාවේ වඩිද්දි, දණ්ඩකප්පක කියලා නියම් ගමක් තිබුණා…
Leave A Comment