අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් මංගල ශිලා පිහිටුවා ආරම්භ කොට පස් වසරක් පුරා දෙස් විදෙස් සැදැහැවතුන්ගේ නොමසුරු දායකත්වයෙන් පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා උදෙසා ඉදිවූ කුටි 60, ගිලන් කුටි 4, සදහම් ශ්‍රවණාගාරය, පුස්තකාලය සහ භාවනා ශාලාවකින් සමන්විත වූ සිවුමහල් කුටි සංකීර්ණය 2025 මාර්තු 02 වන දීන දී පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයේ වැඩම වීමෙන් මහත් හරසරින් ගෞතම බුදු සසුනට පූජා විය.

කුටි සෙනසුන් පූජා පුණ්‍යමහෝත්සවයට සමගාමීව, මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් සිදු කළ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් ද, 100ක් නමක් වූ පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා සිදු කළ සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි.

කුටි සෙනසුන් පූජාවෙන් සහ මෙම පින්කම් මාලාවෙන් රැස් කළ සියලු පින් කුටි භාරගත් සියලු පින්වතුන්ට ද, කුටි සෙනසුන් ඉදිකිරීම සඳහා ශ්‍රමයෙන්, ධනයෙන්, නන් අයුරින් සහසම්බන්ධ සියලු දෙනාට ද, මෙම පුණ්‍යමහෝත්සවය සඳහා නන් අයුරින් සම්බන්ධ වූ සියලු දෙනාට, දැක බලා අනුමෝදන් වන සැමට ද අනුමෝදන් වේවා! මේ ගෞතම බුදු සසුනේදී ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ වාසනාව උදා වේවා!