පින්බර වෙසක් මාසයේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ත්‍රෛමංගල්‍යයට උපහාර පිණිස අන්සාන් මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කරනු ලැබු අසිරිමත් වෙසක් සදහම් මංගල්‍යය මැයි මස 06 වන දින දී අන්සාන් විදේශ සේවා සුභසාධක මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

විවිධ රටවල බෞද්ධ සංස්කෘතික අංග ඇතුලත් අලංකාර පෙරහැර, කොරියානු ජාතික ස්වාමීන් වහන්සේලා සහ මහමෙව්නා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් සිදුකල අසිරිමත් වන්දනා සහ ධර්ම දේශනා, සංගීත් විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් දෙපල හා ඒකාත්මික වූ බැති ගී සරණිය, අලංකාර වෙසක් කූඩු ප්‍රදර්ශනය, ප්‍රයිඩ්රයිස් දන්සැල ආදී නොයෙක් ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් අලංකාර වූ මේ රමණීය පින්කම දෙස් විදෙස් බොහෝ සැදැහැවතුන්ගේ ප්‍රසාදයට බදුන්විය.

මෙම උතුම් පින්කම සදහා ශ්‍රී ලාංකික මෙන්ම කොරියානු සහ තායිලන්ත ජාතික බොහෝ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ වැඩම වීම සිදු වූ අතර ශ්‍රී ලාංකික ජනරජය නියෝජනය කරන පින්වත් මනීෂා ගුණසේකර තානාපතිතුමියගේ සපැමණීම හා තානාපති කාර්යාලයේ පින්වත් මහත්ම මහත්මීන් ඇතුලුව දෙස් විදෙස් විදෙස් බොහෝ ආරාධිත මහත්ම මහත්මීන්ගේ පැමිණීම සිදුවිය. ශ්‍රී ලාංකික මෙන්ම කොරියානු, තායිලන්ත, වියට්නාම්, චීන, කාම්බෝජියා, මොන්ගෝලියා ආදී බොහෝ රටවල සැදැහැවතුන් පිරිසක් මෙම පින්කමට සහභාගී වීම විශේෂිත ය.

අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ත්‍රෛමංගල්‍යයට උපහාර පිණිස සිදුකල මෙම අසිරිමත් පින්කමෙන් රැස්වූ සියලු පින් සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා! සියලු දෙනාම නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ ගෞතම බුදුසසුනේදීම අවබෝධ කරගැණීමේ වාසනාව උදාවෙත්වා!

තෙරුවන් සරණයි!