අපේ ආච්චිගේ ලස්සන බණ කථා
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 17
‘නමෝ බුද්ධාය’ යන වචනය නාගරාජයාට ඇහුණා විතරයි ‘අනේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක උපාසකයෙක්ට නොවැ මං මේ හදි කටින්ට ගියේ. අයියෝ තව ඩිංගිත්තෙන් මට නොවැ පාපේ වෙන්නේ’ කියලා තමන්ගේ කෝපය සන්සිඳුවාගෙන අහිකුණ්ඨිකයාට මෙහෙම කිව්වා.
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 29
මේ අසදෘශ මහා දානේ ගැනත් කොසොල් රජ්ජුරුවන් ළඟ හිටිය ‘කාල’ කියන ඇමැතියට හොඳටෝ ම කේන්ති ගියා. එ්කාට කටින් කියන්ට විදිහක් නෑ. හිතෙන් බණින්ට පටන් ගත්තා. ‘හහ්… රටේ විසඳන්ට පුරස්න නැතිව ද මෙච්චර ධනය නාස්ති කොරන්නේ? මේ ධනයෙන් දුප්පත් ඈයොන්ට ගෙවල් හදා දෙන්ට තිබ්බා නොවැ.
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 19
බලන්ට පුතේ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවනේ කරුණාව. ඉතිං අපේ ධර්මසේනාධිපතීන් වහන්සේ ඒ වධකයාගේ ගෙදරට වැඩියා. උන්නාන්සේව දැක්කා විතරයි පුතේ අර මරලතෝනි දි දී හිටිය මිනිහාගේ හිතට මහා කෝපයක් හටගත්තා නොවැ. ඇස්ගෙඩි ලොකු කොරාන අපගේ මහෝත්තමයන් වහන්සේ දිහා බලාන උන්නා.
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 18
“උත්තර.... සංසාරේ සැරිසරා යන්ට වීම නිසා ම යි මේ හැම දෙයක් ම වෙන්නේ. උත්තර, මේ ඔබේ පෙර ආත්මයක සිදුවූ වරදක විපාකයක්. කලින් ආත්මෙක මිනිස් උපතක් ලබා ඉන්නැද්දී කුඩා අවදියේ ළමයි සමග සෙල්ලම් කළා. එතකොට ඔබ මැස්සෙක් අල්ලාගෙන ‘මේ බලාපං මං මේකාට අච්චු දෙනවා’ කියා කොහොඹ කූරක මැස්සව උල ඉන්දුවා.
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 16
එතකොට පුතේ ඒ දෙවිවරු තුන්දෙනා මූණට මූණ බලාගත්තා. තුන්දෙනාට ම තමුන්නේ පූරුවෙ ආත්මේ මතක් වුනා. තමන්ගෙන් බණ ඇසූ ගෝපිකාවෝ දැන් පිරිමි ආත්මයකුත් ලබලා, සක්දෙවිඳුගේ පුත් තනතුරේත් ඉපදිලා, සෝවාන් ඵලයටත් පත්වෙලා, දෙව්ලොව කාමයටත් නොඇලී ධර්මය ම මෙනෙහි කරනවා.
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 15
“අනේ මයෙ බුදු අයියණ්ඩි... මට අම්මාටත් තාත්තාටත් ඔයා විතරයි හිටියේ. මේ ඉන්නේ ඔයාගේ බෑණා වන සිඟිත්තෙක්. අනේ නෙළුම් මලක් වගේ ඉන්න මේ දරුවා දිහා බලා මා නොමරා බේරන්ට කියා වැඳ වැඳ උන්නා. ඒත් මේ පවිටා හදන්නේ පුතේ තමුන්නේ නඟාව මරන්ට ම යි. අන්තිමේ ඈ මෙහෙම හිතුවා.
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 13
‘අනේ මයෙ කුසේ ඉන්න දරුවාගේ පිනක් ඇත්නං නිධානේ ළඟට වඩින්ට’ කිව්වා විතරයි නිධානය පෙරලි පෙරලී ඇවිත් ඒ අම්මාගේ පාමුල නැවතුනා. එතකොට අම්මා කලින් කාන්තාවට වෙච්චි දේ දන්නා නිසා අතින් අල්ලන්ට ගියේ නෑ. “අනේ නිධානේ, තමන්ට සුදුසු තැනකට ගොහින් නවතින්ට” කියලා කිව්වා.
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 12
“අනේ මිත්‍රයා... මගේ අතේ වෙන සල්ලි නෑ. කහවණු දොළහ ම යි තියෙන්නේ. ඔයාට පේනවා ද අර රුක් සෙවණෙ වැඩ ඉන්නවා අර්යයන් වහන්සේනමක් මං මේ බත්මුල ගන්නේ උන්නාන්සේට දානෙ පිණිසයි. මට කන්ට නොවේ.”
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 14
අනේ ස්වාමීනී, ඔය මිනිහා මගෙන් ණය ගත්තු කෙනෙක්. වප් මඟුල කඩාකප්පල් කරන්ට හිතාගෙන වෙන්ට ඕනෑ මෙහෙම කරන්ට ඇත්තේ. ඒ මිනිහා මට අනතුරක් කරදරයක් පීඩාවක් කරලා සතුටු වෙන්ට ආසා ඇති. නමුත් ඒ මිනිහා මට මේ කොරලා තියෙන්නේ මහා උපකාරයක් ම යි!
අහෝ අසිරිමත්ය අපගේ භාග්‍යවතුන් වහන්සේ(අපේ ආච්චිගේ බණ කථාව – 11)
බුද්ධ රශ්මි මාලාවෙන් බබළන පුන් සඳ මඬල වන් මුව මඬල ඇති අප භාග්‍යවතුන් වහන්සේ ඉතා පියකරු ලීලාවෙන් පියුමක් මත වැඩහිඳිනා ආකාරය ඒ පුවරුකඬේ දිස්වෙලා තිබුනා නොවැ. ඒ විතරක් යැ! ශිව දෙවියෝ අප භාග්‍යවතුන් වහන්සේට දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කොරගෙන සිටින හැටිත් දිස්වුනා.