April 2019
11-6. මල්ලිකා දේවියගේ කථා වස්තුව
"බුදුරජාණන් වහන්සේව දකිද්දි, සංඝයාව දකිද්දි ඇය හරියට පසුතැවුණා. හිතෙන් දුක් වින්දා. කාටවත් කියාගන්නත් බෑ. ඈ සතුටින් ඉන්න නිතර මහන්සි ගත්තා. කාටවත් කියාගත නොහැකි මේ කාරණය සිතේ රැව් දුන්නා."
11-5. කයේ ආදීනව-රූප නන්දා භික්ෂුණියගේ කථා වස්තුව
‘අම්මේ.... අර කන්‍යාවගේ ලස්සන.... හැබෑම ලස්සනයි. ස්වර්ණරාජ හංසිනියක් වගේ.... මේ වගේ සුරූපී කන්‍යාවක් ඉදිරියේ මං කවුද? මගේ රූපය නම් කපුටියකගේ තරම්වත් වටින්නෙ නෑ. චීයා... මං... මං ගැන හිතාගෙන හිටි දේවල්....’
11-4. බොහෝ අධිමානී භික්ෂූන්ගේ කථා වස්තුව
“ඇවැත්නි, ඒකාන්තයෙන්ම අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔය අවවාදය අපට කරන්න ඇත්තේ මොකාක් හරි දුරදිග බලලයි. උන්වහන්සේගේ වචනයට අපි අවනත වීමෙන් ඒකාන්තයෙන්ම අපට යහපතක් වෙනවා. ඒ නිසා අපි අමු සොහොනට යමු.”
422. චේතිය ජාතකය
අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතාමත් පිළිකුල් කොට හෙළා දුටු, ගර්හා කළ දෙයක් තමයි දැන දැන බොරු කීම. උන්වහන්සේ වදාළේ බොරු කියන ළාමක අසත්පුරුෂයාට නොකළ හැකි පවක් නැත කියලයි. එක බොරුවක් කීවොත් ඒ බොරුව වසාලන්නට තව බොරු......
11-3. උත්තරා භික්ෂුණියගේ කථා වස්තුව
"තමන් ගේම සිවුරුපොට තමන්ට පෑගුණා. ඇඟට පණ නැති නිසා එහෙම්මම ඇද වැටුණා. එවිට භාග්‍යවතුන් වහන්සේ ඇය අසලට වැඩියා.“පින්වත් භික්ෂුණිය, ඔබට ජීවත්වෙන්න තියෙන්නේ තව සුළු කාලයයි. එනිසා මේ ජීවිතයම තේරුම් ගන්න” කියලා මෙම ගාථාරත්නය ඉතා මිහිරි ස්වරයෙන් වදාළා."
11-2. සිරිමාවගේ කථා වස්තුව
"හැමෝම එතන හිටියේ හරිම අමාරුවෙන්. එතරම්ම දුර්ගන්ධයක් හමනවා. අන්තිමේදී සිරිමාගේ ගණන අඩු කළා. කහවණු පන්සීයට... තුන්සීයට... පනහට... විසිපහට... දහයට.... පහට... ලංසුවට තිබ්බා. සියලු දෙනා හිටියේ ඇයව හඳුනන්නෙවත් නෑ වගේ. අන්තිමේදී නොමිලේ අරගෙන යන්න කිව්වා. හැමෝම බිම බලාගත්තා."






