October 2014
1-6. කොසඹෑ නුවර රණ්ඩු දබර කළ භික්ෂූන්ගේ කථා වස්තුව
"බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලෙදිත් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන අදහසින් පැවිදි වූ පිරිස අතරේ ඔය කොටස් දෙකම හිටියා. තමා තමන්ව පිළිසරණ කරගෙන අනුන් කළ නොකළ දේ ගැන නොව, තමා කළ නොකළ දේ ගැන සොයා බලමින් තමාගේ යහපත සළසා ගෙන පැවිදි ජීවිතය සාර්ථක කරගත් උතුම් ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් වැඩසිටියා."
1-5. කාලි යකින්නියගේ කථා වස්තුව
“අනේ !… මගේ බුදුසමිඳුන්!.. අන්න යක්ෂණී මගේ දරුවා ඩැහැගන්න එනවා.” අම්මා විදුලියක් වගේ දුවගෙන ඇවිදින් දරුවා තුරුළු කරගත්තා. එක හුස්මට පාර දිගේ දුවන්න පටන් ගත්තා. මිනිසුන් පුදුමයෙන් වගේ බලා සිටිනවා. අම්මා කෑ ගසමින් පාර දිගේ දුවනවා. “අනේ… මගේ දරුවා බේරාගන්න”
1-3,4. ථුල්ලතිස්ස තෙරුන්ගේ කථා වස්තුව
“බොහොම වැරදියි. බොහොම වැරදියි ….. සැබෑ පැවිද්දා කටයුතු කළ යුත්තේ ඔය විදිහට නොවෙයි. ගරු කළ යුත්තන්ට ගරු කරන්න ඕන. පිදිය යුත්තන් පුදන්න ඕන. ආගන්තුක උපස්ථාන කරන්න ඕන. නිහතමානී වෙන්න ඕන. එහෙම නැතුව කොහොමද පැවිදි ජීවිතයක් ශ්‍රේෂ්ඨ වෙන්නේ?”
1-2. මට්ටකුණ්ඩලී කුමරුගේ කථා වස්තුව
“මට තාත්තා සැළකුවෙත් නැහැ. ගෙදර කවුරුවත් ආදරය කළෙත් නැහැ. අනේ ඒත් මං අමාරුවෙන් ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ මාව බලන්න වැඩියා. උන්වහන්සේ මං වගේ පොඩි දරුවන්ට කොයිතරම් ආදරේද! අනේ සාදු! සාදු!! මමත් බුදුරජාණන් වහන්සේට තමයි ආදරේ. බුදුරජාණන් වහන්සේ ළඟ මට හැමදාම ඉන්න ඇත්නම් කොයිතරම් හොඳද”
1-1. චක්ඛුපාල තෙරුන්ගේ කථා වස්තුව
ඒකාලයේ සැවැත් නුවර මහාසුවණ්ණ කියලා ධනවත් ව්‍යාපාරිකයෙක් හිටියා. ඔහුට දරුවන් නෑ. දවසක් නානතොටින් වතුර නාලා ආපහු එන ගමනේදී ඔහුට අතුපතර විහිදී ගිය සුවිසල් නුග රුකක් දකින්නට ලැබුනා. ඔහු මෙහෙම හිතුවා. ‘මේ වෘක්ෂයෙහි මහේශාක්‍ය දෙවිවරු අරක්ගෙන ඉන්න හැඩයි.’ එහෙම කියලා ඔහු ඒ ගස් සෙවණ ශුද්ධ පවිත්‍ර කළා. සුදු වැලි ඇතිරුවා. ලස්සන කොඩි වැල් බැන්දා. ඒ නුගරුකට වැඳගෙන මෙහෙම ඉල්ලා සිටියා. “අනේ දෙවියනේ, මට පුතෙක් හරි, දුවෙක් හරි ලැබුනොත් මං ඔබවහන්සේට ලොකු පූජාවක් කරනවා” කියල.
රැස් කරනා පින එයි පසු පස්සේ…
අපි ගිය ආත්මයේ කොහේ හරි ඉඳලා මැරිලා මේ මනුස්ස ලෝකයට ආවා. දැන් මනුස්ස ලෝකයට ඇවිල්ලා මනුස්සයෙක් වශයෙන් ජීවත් වෙද්දී මිනිස් ලෝකය තුළ වැඩසිටිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළ ආශ්චර්යවත්, අද්භූත ධර්මයකුත් අපට ශ‍්‍රවණය කරන්න වාසනාව ලැබෙනවා. ඒ අසිරිමත් ධර්මය ශ‍්‍රවණය කරලා අපි ඒ ධර්මයෙන් යම්කිසි අර්ථයක් ලබාගන්නේ නැත්නම්, ධර්මයෙන් යම්කිසි අර්ථයක් ග‍්‍රහණය කරගන්නේ නැත්නම් මේ ජීවිතයේදී ඒ අහන ධර්මයෙන් ප‍්‍රයෝජනයක් නෑ. අහන ධර්මයත් එහෙම්මම අපෙන් ගිලිහිලා යාවි.





