01 යමක වර්ගය

1-19,20. යහළු භික්ෂූන් වහන්සේලා දෙනම ගැන කථා වස්තුව

2020-04-06T16:53:29+05:30November 4th, 2014|01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙයින් හොඳට පැහැදිලි වෙනවා. ධර්මයෙන් ප‍්‍රයෝජන ලබාගන්නට පුළුවන් වන්නේ ඒ ධර්මය අනුගමනය කිරීමෙන් විතරමයි. ලෝකයට කොයිතරම් බණ කිය කියා හිටියත් තමන් ඒ ධර්මයේ හැසිරෙන්නේ නැත්නම්, එයා අනුන්ගේ ගව රැල බලාගන්නා ගොපල්ලෙක් වගේ කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ගොපල්ලා නිතර ගවයන් ගොදුරුබිම් කරා ගෙනියනවා. ගවයන්ට වතුර බොන්න සලස්වනවා. ගවයන්ව රැකබලා ගන්නවා. නමුත් ඒ ගවයන් නිසා ලබන කිරිවත්, ගිතෙල්වත්, වෙනන් පස්ගෝරසවත් ඔහුට ලැබෙන්නේ නැහැ. ඔහු එයට හිමිකරුවෙක් නොවේ. ගවරැලේ අයිතිකාරයාටයි එ්වා ලැබෙන්නේ. ධර්මයේ නොහැසිරෙමින් අනුන්ට ඒ ධර්මය කිය කිය හිටියොත් ඒ කෙනා ගොපල්ලෙක් වගේමයි.

1-18. සුමනා දේවිය නම් කුමරියගේ කථා වස්තුව

2020-03-18T13:05:25+05:30October 29th, 2014|01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ජේත කුමාරයා අනේපිඬු සිටුතුමා ඇමතුවා ”පින්වත් සිටුතුමනි, ඇත්තෙන්ම ඔබේ මේ පරිත්‍යාගය ගැන මට පුදුමයි. අර ඉතුරු වෙච්ච කොටසට රන්කාසි අතුරන්න ඕන නැහැ. හැබැයි මං පොඩි ඉල්ලීමක් කරන්නම්. විහාරෙ හැදුවට පස්සෙ මේ උද්‍යානයට මගේ නම දාන්න කැමැතිද?” අනේපිඬු සිටුතුමා එයට කැමැති වුනා. ඊට පස්සේ ජේත කුමාරයාගේ වනයේ සැදූ ආරාමය යන නමින් ජේතවනාරාමය වශයෙන් හැඳින්වූවා.

1-17. දෙව්දත්ගේ අවසන් කාලය

2020-03-18T13:02:53+05:30October 29th, 2014|01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

දෙව්දත් ගැන දැන් ඔබ සෑහෙන්න කරුණු දන්නවා. නම් අවාසනාවන්ත පුද්ගලයාගේ ජීවිතය පවින් පිරුණු හැටි සිතන කොටත් දුකයි. බුදුරජාණන් වහන්සේව මුණ ගැසිලත්, පැවිදි වෙලත්, චිත්ත සමාධිය දියුණු කරලත්, කොටින්ම ඉර්ධි ප‍්‍රාතිහාර්ය පවා කරන්න පුළුවන් මට්ටමට හැකියාවක් ලැබිලත්, ජීවිතය අවබෝධ කිරීමේ වාසනාව අහිමි කරගත්තා. තමන් තුළ තිබුන සියලු කුසල් අහිමි කරගත්තා. දෙව්දත් වෛර බැඳගත් ආකාරය ඔබ කලින් ඉගෙන ගත්තා නේද? දේව්දත්ගේ ක්‍රෝධය හරිම අසාමාන්‍ය එකක්. හරිම විකෘති ආශාවක්. පළිගැනීමේ සීමාවක් නෑ.

Comments Off on 1-17. දෙව්දත්ගේ අවසන් කාලය

1-16. ධම්මික උපාසක මහතාගේ කථා වස්තුව

2020-03-18T13:00:36+05:30October 29th, 2014|01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන කාලය බුද්ධ කාලයයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය කවුරුත් කථාබස් කරනවා නම්, ඒ ධර්මය අනුගමනය කිරීමට වෙහෙස මහන්සි වෙනවා නම්, ඒ බුද්ධ කාලය ධර්මයෙන් බබලනවා. අන්න එවැනි කාලයක නුවණැති අයට සියලු වාසනාව ලබා දෙනවා. හොඳට පින් රැස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. බොහෝ දෙනෙක් පින් ගැන කථා කළත්, පින් කරන හැටි දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පින ගැන ඉගෙන ගන්න කෙනාට බොහෝ පින් රැස් කරන්න පුළුවනි. නරක තැන්වල උපත නොලබා, දෙව්ලොව උපත ලබා සැප සේ වාසය කරමින් සංසාරයෙනුත් එතෙර වෙන්න පුළුවනි.

Comments Off on 1-16. ධම්මික උපාසක මහතාගේ කථා වස්තුව

1-15. චුන්ද සූකරික ඌරු වැද්දාගේ කථා වස්තුව

2020-03-18T12:57:59+05:30October 29th, 2014|01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

දින කිහිපයක් එක දිගට ඌරන් මරන හඬ චුන්ද සූකරගේ ඌරුමඬුවෙන් ඇහෙන්න පටන් ගත්තා. සමහර ස්වාමීන් වහන්සේලා හිතුවේ මොකක් හරි උත්සවයක් වෙනුවෙන් මේ ඌරන් මරන බවයි. අන්තිමේදී ඇත්ත හෙළි වුනා. එතැන වෙලා තිබෙන්නේ ඌරන් මැරීමක් නොවෙයි. චුන්දසූකර මරණාසන්න වෙලා දවස් ගණනාවක් තිස්සේ පණ අදිනවා. මෙයා ඉදිරියෙහි යමපල්ලෝ ඇවිදින් ඌරන්ව මැරූ ආකාරයට මෙයාව මරන්න සූදානම් වෙනවා. එතකොට මෙයා හොඳටම බය වෙනවා. හයියෙන් කෑ ගහනවා. යටිගිරියෙන් කෑගහනවා.

Comments Off on 1-15. චුන්ද සූකරික ඌරු වැද්දාගේ කථා වස්තුව

1-13,14. නන්ද මහරහතන් වහන්සේගේ කථා වස්තුව

2020-03-18T12:54:26+05:30October 29th, 2014|01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දැරුවනේ, නොවටිනා දෙයට ආශා කිරීම නිසා බොහෝ දෙනෙකුට වටිනා දේවල් අහිමි වෙනවා. සමහරුන් සෙල්ලමට ආසයි. ඒ නිසාම අධ්‍යාපනය අහිමි කරගන්නවා. දියුණු වෙන්න තිබෙන මාර්ගය නැති කරගන්නවා. අන්තිමේදී පසු තැවි තැවී ඉන්නවා. සමහරු ඉගෙන ගන්න කලෙ පේ‍්‍රම සම්බන්ධතා ඇති කරගන්නවා. ඒවා ගැනම කතාබස් කර කර ඉන්නවා. ඒ තුළින්ම සතුටු වෙවී ඉන්නවා. අන්තිමේදී ඒ නිසාම දුකට පත්වෙනවා. විභාග අසමත් වෙනවා. රැකීරක්ෂාවල් නැති කරගන්නවා.

Comments Off on 1-13,14. නන්ද මහරහතන් වහන්සේගේ කථා වස්තුව

1-11,12. උපතිස්ස කෝලිත කලණ මිතුරන්ගේ කථා වස්තුව

2020-03-18T12:49:45+05:30October 29th, 2014|01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට අඳුරත්, එළියත් වෙන් කොට හඳුනාගන්නා පුළුවන් වගේම, සරු දෙයත්, නිසරු දෙයත් වෙන් කොට හඳුනා ගැනීමට පුළුවන් විය යුතුයි. එතකොට අපි නිසරු දෙය අත්හැරලා සරු දෙය කරා යන අය බවට පත්වෙනවා. චතුරාර්ය සත්‍යය අවබෝධය කරාම යනවා.

Comments Off on 1-11,12. උපතිස්ස කෝලිත කලණ මිතුරන්ගේ කථා වස්තුව

1-9,10. දේවදත්තගේ කථා වස්තුව

2020-03-18T12:54:39+05:30October 29th, 2014|01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

අයහපත් පුද්ගලයා විවිධාකාර වෙස්ගන්නා හෙයින් හඳුනාගන්නට අසීරුයි. බොහෝ දෙනෙක් රැවටෙනවා. ඔහු තම කාර්යය උදෙසා විවිධ චාටුබස් කියනවා. විවිධ වෙස් ගන්නවා. බොරුවෙන් ඇත්ත වහනවා. පිරිස බිඳවනවා. කුමන්ත‍්‍රණ කරනවා. අවස්ථාව ලද විගස පළිගන්නවා. ඔහු ගුණමකුයි. කෙලෙහි ගුණ දන්නෙ නැහැ. සමාජ අධිපත්‍යයට ආශා කරනවා. ලාභ, සත්කාර, කීර්ති, ප‍්‍රශංසාවලට වසඟ වෙනවා. ඊර්ෂ්‍යාවෙන් පෙළෙනවා. ඕනම පවිටු දෙයක් කිරීමට පෙළඹෙනවා. එනිසා අසත්පුරුෂ බාලයන් හා ඇසුරු නොකළ යුතුමයි. සත්පුරුෂ කල්‍යාණ මිත‍්‍රයන් පමණක් ඇසුරු කිරීමෙන් සලසාගත හැකි යහපත වචනයෙන් කිව නොහැකි තරම් අතිවිශාල දෙයකි.

Comments Off on 1-9,10. දේවදත්තගේ කථා වස්තුව

1-7,8. චුල්ලකාල මහාකාල තෙරුන් වහන්සේලාගේ කථා වස්තුව

2020-03-18T12:55:08+05:30October 29th, 2014|01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, රහතන් වහන්සේගේ ස්වභාවය කොතරම් අසිරිමත්ද! උන්වහන්සේ කිසිවකට නොඇලෙයි. උන්වහන්සේ අසුභ දෙය ඒ අයුරින්ම දකිනවා. ඉඳුරන් සංවර කරගෙනයි සිටින්නේ. ලොවෙහි ඇති සියලු රස එකට කැටි කොට රහතන් වහන්සේට පිදුවත් රස තෘෂ්ණාවට උන්වහන්සේ කිසිදා හසුවන්නේ නෑ. උන්වහන්සේ වැඩ සිටින්නේ තෘෂ්ණාවෙන් නිදහස් වූ කෙනෙක් හැටියට මිස තෘෂ්ණාවෙහි දාසයෙක් ලෙස නොවෙයි. ඒ රහතන් වහන්සේගේ වීරිය හැම මොහොතේම පවතිනවා. සිහි නුවණ මැනැවින් පවතිනවා.මාරයාට කිසිසේත්ම උන්වහන්සේව තම පාලනයට ගන්නට බැහැ. ඇස, කන, නාසය, දිව, කය, මනස යන හයෙන් නිදහස් වූ උන්වහන්සේ වැඩසිටින්නේ මහා ගල් පර්වතයක් වගේ. කොතරම් සුළඟ හැමුවද එය සොළවාලන්නට කාටවත්ම බැහැ. මාරයා කවර දෙයක් කළද රහතන් වහන්සේව වෙනස් කරන්නට බැහැ. පිරිසිදු සිත් ඇති රහතන් වහන්සේලා බිහි වන්නේ බුදු සසුනක පමණයි. බුදුවරුන්ගේ ලෝකයෙහි බබලන්නේ රහතන් වහන්සේලායි.

Comments Off on 1-7,8. චුල්ලකාල මහාකාල තෙරුන් වහන්සේලාගේ කථා වස්තුව

1-6. කොසඹෑ නුවර රණ්ඩු දබර කළ භික්ෂූන්ගේ කථා වස්තුව

2020-03-18T12:55:18+05:30October 28th, 2014|01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලෙදිත් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන අදහසින් පැවිදි වූ පිරිස අතරේ ඔය කොටස් දෙකම හිටියා. තමා තමන්ව පිළිසරණ කරගෙන අනුන් කළ නොකළ දේ ගැන නොව, තමා කළ නොකළ දේ ගැන සොයා බලමින් තමාගේ යහපත සළසා ගෙන පැවිදි ජීවිතය සාර්ථක කරගත් උතුම් ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් වැඩසිටියා."

Comments Off on 1-6. කොසඹෑ නුවර රණ්ඩු දබර කළ භික්ෂූන්ගේ කථා වස්තුව
Go to Top