1-1. චක්ඛුපාල තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T10:40:40+05:30October 23rd, 2014|01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඒකාලයේ සැවැත් නුවර මහාසුවණ්ණ කියලා ධනවත් ව්‍යාපාරිකයෙක් හිටියා. ඔහුට දරුවන් නෑ. දවසක් නානතොටින් වතුර නාලා ආපහු එන ගමනේදී ඔහුට අතුපතර විහිදී ගිය සුවිසල් නුග රුකක් දකින්නට ලැබුනා. ඔහු මෙහෙම හිතුවා. ‘මේ වෘක්ෂයෙහි මහේශාක්‍ය දෙවිවරු අරක්ගෙන ඉන්න හැඩයි.’ එහෙම කියලා ඔහු ඒ ගස් සෙවණ ශුද්ධ පවිත්‍ර කළා. සුදු වැලි ඇතිරුවා. ලස්සන කොඩි වැල් බැන්දා. ඒ නුගරුකට වැඳගෙන මෙහෙම ඉල්ලා සිටියා. “අනේ දෙවියනේ, මට පුතෙක් හරි, දුවෙක් හරි ලැබුනොත් මං ඔබවහන්සේට ලොකු පූජාවක් කරනවා” කියල.