නුවණ වැඩෙන බෝසත් කථා

014. වාතමිග ජාතකය

2020-03-18T14:52:00+05:30August 13th, 2016|02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඔය වාතමිග වර්ගයේ මුවෙක්. යම් තැනක දී මිනිසෙක් දැක්කොත් හත් දවසක් ඒ පළාතටවත් යන්නෙ නෑ. මේ මුවා එබඳු හුදෙකලා සතෙක්. නමුත් බලන්න. රසයට ගිජුවීම නිසා මෙවැනි තැනකටත් ආවා නොවැ. අහෝ! ලෝකයෙහි රස තෘෂ්ණාව යනු ඒකාන්තයෙන් ම ලාමක දෙයක් ම යි!

Comments Off on 014. වාතමිග ජාතකය

013. කණ්ඩින ජාතකය

2020-11-25T13:19:33+05:30May 30th, 2016|02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

“මහණෙනි... මේ භික්ෂුව පෙර ආත්මෙකත් ඔය ගැහැණිය නිසා ම මරණයට පත්වුනා. අනුන්ට ආහාර පිණිස ගිනි අඟුරු ගොඬේ පිළිස්සෙන මසක් වුනා. එතකොට භික්ෂූන් වහන්සේලා ඒ යටගිය කතාව කියාදෙන ලෙස භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා."

012. නිග්‍රෝධමිග ජාතකය

2020-03-18T14:51:14+05:30May 16th, 2016|02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

“මගේ රත්තරන් මුව රජෝ…. මං ඔයාට වගේම අනිත් හැමෝට ම අද පටන් ආදරය කරනවා. මං ඒ හැමෝට ම අභය දානය දෙනවා. අනේ….. මගේ රන්කඳ…. මට අනුශාසනා කරන්න. මං ඔයා කියන ඕන දෙයක් කරනවා” “දේවයන් වහන්ස, එහෙනම්….. මව්පියන්ට, අඹුදරුවන්ට, බ්‍රාහ්මණ ගෘහපතියන්ට, නිගමජනපදවාසීන්ට ධර්මය තුළින් ම රැකවරණ සලසන්න.

011. ලක්ඛණමිග ජාතකය

2020-03-18T14:50:50+05:30April 12th, 2016|02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

අපි මේ යන්නේ හරීම භයානක සසර ගමනක. අප නොදැනීම නොයෙක් විපත්ති, කරදර, ආන්තරා වලට බඳුන් වෙනවා. අනුන්ගේ ගැටවලටත් නොදැනීම හසුවෙනවා. සත්පුරුෂයෝ කියලා හිතාගෙන අසත්පුරුෂයන්ට හසුවෙනවා. තමාත් දන්නෙම නැතුව අනුන් විසින් මෙහෙයවන බළල් අත් බවට පත්වෙනවා. එබඳු දෙයක් වුනොත් සෑහෙන්න පව් රැස්වෙනවා. කරදරේ වැටෙනවා. එබඳු වූ මහා විපතකට ලක්වෙන්න ගිය පිරිසක් බේරාගත් ප්‍රවෘත්තියකුයි මේ කථාවට පසුබිම් වුනේ. ඒ කතාව සිදුවුනේ මෙහෙමයි.

Comments Off on 011. ලක්ඛණමිග ජාතකය

010. සුඛවිහාරී ජාතකය

2020-03-18T14:49:54+05:30February 23rd, 2016|01. අපණ්ණක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

“භවත් තාපසවරුනි,.... මං අපගේ ආචාර්යපාදයන් බැහැදැක ඔබේ නමිනුත් වන්දනා කරගෙන එන්නම්. ඔබලාත් මේ තාපස ජීවිතේ ගැන කලකිරෙන්නේ නැතිව ඉවසීමෙන් ගුණදහම් වඩමින් ඉන්න. මං ගිහින් ආචාර්යපාදයන් වන්දනා කරගෙන එන්නම්”

009. මඛාදේව ජාතකය

2020-11-25T13:54:59+05:30February 22nd, 2016|01. අපණ්ණක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

පින්වතුනේ, පින්වත් දරුවනේ, සංසාරය ගැන නොදත් බොහෝ දෙනෙක් අපගේ භාග්‍යවතුන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරදා ගිය ආකාරය ගැන නොසතුටු වෙනවා. රාහුල කුමාරයා තනි වුනාලු. අප්පච්චියෙක් නැති වුනාලු. රාහුලමාතාවටත් මහා අසාධාරණයක් වුනාලු. කාම මඩ ගොහොරුවේ නාසයටත් ඉහළින් ගිලී සිටින සාමාන්‍ය ලෝකයාට මේ වගේ දෙයක් ගැන සිහිනෙකින්වත් සිතාගන්නට බැහැ.

Comments Off on 009. මඛාදේව ජාතකය

008. ගාමිණී ජාතකය

2020-03-18T14:49:19+05:30December 5th, 2015|01. අපණ්ණක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

අපට වුනත් යහපත් දෙයක් කරන්න ගියවිට මොනතරම් අපහසුතා දුෂ්කරතා වෙනවාද. අපිත් ඒ වෙලාවට සිත කලබල නොකරගෙන ඉන්ට ඕනා. සිත නරක් නොකරගෙන ඉන්ට ඕනා. ඉවසීමෙන් ඉන්ට ඕනා. එතකොට නැවත අපට ඒ යහපත් දේ කරගන්න අවස්ථාව ලැබේවි. ධර්මයේ හැසිරීම එහෙම දෙයක් නේද.

007. කට්ඨහාරී ජාතකය

2020-03-18T14:49:06+05:30November 1st, 2015|01. අපණ්ණක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

මේ කථාවත් ගොඩාක් වටිනවා. හරි පුදුම විස්තර තියෙන්නේ. මිනිසුන් ගේ යහපත වෙනුවෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ කටයුතු කොට වදාළ ආකාරය තේරුම් ගන්ට මේ කතාවත් උදව් වෙනවා. සමහර විට ඔබ අහලා ඇති වාසභඛත්තියා ගැන. මේ ජාතක කතාව දේශනා කරන්ට හේතු වුනේ ඈ නිසයි.

006. දේවධම්ම ජාතකය

2020-03-18T14:48:49+05:30October 31st, 2015|01. අපණ්ණක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඉතින් බෝධිසත්වයෝ තම සොයුරන් දෙදෙනාත්, දියරකුසාත් රැගෙන බරණැසට ගියා. ඇමැතිවරු බෝධිසත්වයන්ට රාජ්‍යය පැවරුවා. බෝසත් රජු චන්ද කුමාරයාට යුවරජකමත්, සූරිය කුමාරයාට සේනාපතිකමත් පැවරුවා. රාජ උද්‍යානේ රමණීය පොකුණක් අසල යකාට දෙවොලක් හදලා දුන්නා. අග‍්‍ර මල්මාලා වලින්, අග‍්‍ර පුෂ්පවලින්, අග‍්‍ර භෝජනයෙන් උපස්ථාන ලැබෙන්න සැලැස්සුවා.

Comments Off on 006. දේවධම්ම ජාතකය

005. තණ්ඩුලනාළි ජාතකය

2020-03-18T14:48:38+05:30August 29th, 2015|01. අපණ්ණක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

අපට ඇති සසර පුරුදු ගැන බලද්දි පුදුම හිතෙනවා. බොහෝ දෙනෙක් කලින් ආත්මවල කරපු දේවල් මේ ආත්මෙත් කරනවා. ඉස්සර කළ මෝඩකම් ආයෙමත් කරනවා. ඉස්සර නුවණින් වැඩ කළ අය මේ ආත්මෙත් නුවණින් වැඩ කරනවා. දැන් අපි ඉගෙන ගන්නේ කලින් ආත්මේ කළ මෝඩකම් ආයෙමත් කළ භික්ෂුවකගේ කතාවකුයි.

Comments Off on 005. තණ්ඩුලනාළි ජාතකය
Go to Top