02. සීල වර්ගය

020. නළපාන ජාතකය

2020-11-24T21:42:04+05:30November 2nd, 2018|02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඉතින් ඒ වානර පිරිස මහවඳුරා ගේ කීමට අනුව ම කටයුතු කළා. දවසක් මේ වානර පිරිස වෙන පළාතකට ගියා. ඒ පළාතේ පානය කරන පැන් පොකුණක් හොයා ගන්න ටික දවසක් ගතවුනා. වඳුරු පිරිස ඒ පොකුණ ළඟට ගියා. නමුත් පැන් බිව්වේ නෑ. මහවඳුරා එනකල් මග බල බලා සිටියා. බෝසත් වඳුරා ආවා.

019. ආයාචිතභත්ත ජාතකය

2020-11-25T12:49:36+05:30November 2nd, 2018|02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඉතාමත් ඈත අතීතේ එක්තරා ගමක හිටිය නිවැසියෙක් ගම ඉදිරියේ පිහිටි සුවිශාල නුගරුක ළඟට ගියා. ඒ නුග රුකට අරක්ගත් දෙවියන්ට සත්ව බිල්ලෙන් දානයක් දෙන්න පොරොන්දු වුනා. කරදරයක් නැතිව ආපහු ඇවිත් ඒ සත්තු බිලි දීල බාරෙන් නිදහස් වෙන්නම් කියලත් පොරොන්දු වුනා. එතකොට ඒ නුග රුකේ හිටපු රුක්දෙවියා අතුපතර තුලින් අර මිනිසා ඉදිරියේ පෙනී සිට මේ ගාථාව පැවසුවා.

Comments Off on 019. ආයාචිතභත්ත ජාතකය

018. මතකභත්ත ජාතකය

2020-03-18T14:53:31+05:30December 24th, 2016|02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

බ්‍රාහ්මණය.... මට මගේ පෙර ආත්මේ මතක් වුනා. මාත් පෙර ආත්මේ ඔහේ වගේම හොඳට වේදය ඉගෙන ගත්තු බ්‍රාහ්මණයෙක්. මාත් මතකබතක් දෙන්න ඕනා කියලා එළුවෙක් මැරුවා. දානෙත් දුන්නා. ඒ එක එළුවෙකු මරාපු පවෙන් හාරසිය අනූනව ආත්මයක් ම හිස ගැසුම් කෑවා. මේ පන්සිය වෙනි ආත්මේ. මේ ආත්මෙන් මගේ ඒ පාපෙ ඉවරයි. ඒ දුකින් මං නිදහස් වෙනවා නේද කියල සිතුනාම මට සන්තෝෂෙට හිනා ගියා

017. මාලුත ජාතකය

2020-03-18T14:53:16+05:30October 27th, 2016|02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

“මහණෙනි, ඒක මෙහෙමයි වුනේ. ඈත අතීතේ එක්තරා පර්වතයක් පාමුල සිංහයෙකුයි කොටියෙකුයි වාසය කළා. දෙන්නා හොඳ යාළුවෝ. එකම ගල්ලෙනේ වාසය කළේ. ඒ කාලේ බෝධිසත්වයෝත් ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා ඒ පර්වතේ පාමුල ම වාසය කළා. දවසක් ඔය සිංහයයි කොටියයි අතර වාදයක් හටගත්තා."

016. තිපල්ලත්ථමිග ජාතකය

2020-03-18T14:52:55+05:30October 15th, 2016|02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඉතින් ඒ මුව පැටියත් පා සතරේ කුරවලින් හොඳ හැටියට පොළොව පහුරු ගැහැව්වා. එක පැත්තකට පා සතරම දමාගත්තා. දිව ඉදිරියට නෙරා ගත්තා. මල මූත්‍රා පහකරගත්තා. හුස්ම ඉහලට අරගෙන තදකොට බඩ පුම්බා ගත්තා. කටින් කෙළ වැගිරෙව්වා. කෙළත් මලමූත්‍රාත් වැගිරුන නිසා නිල මැස්සන් පිරුනා. කපුටොත් ටික ටික වට වෙවී හිටියා.

015. ඛරාදිය ජාතකය

2020-03-18T14:52:20+05:30September 24th, 2016|02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ, ආචාර්ය උපාධ්‍යායන්ගේ අවවාදයට ඇහුම්කන් දීම කියන්නේ ඉතා වටිනා ගුණයක්. ඒ ගුණය අහිමි කරගත් කෙනා ඕනෑම අවස්ථාවක ඕනෑම අකරතැබ්බයකට පත්වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වැඩිහිටි වූ දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ යහපත් අවවාදයක ඇති උපකාරය තේරුම් ගැනීම ගොඩාක් වැදගත්.

Comments Off on 015. ඛරාදිය ජාතකය

014. වාතමිග ජාතකය

2020-03-18T14:52:00+05:30August 13th, 2016|02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඔය වාතමිග වර්ගයේ මුවෙක්. යම් තැනක දී මිනිසෙක් දැක්කොත් හත් දවසක් ඒ පළාතටවත් යන්නෙ නෑ. මේ මුවා එබඳු හුදෙකලා සතෙක්. නමුත් බලන්න. රසයට ගිජුවීම නිසා මෙවැනි තැනකටත් ආවා නොවැ. අහෝ! ලෝකයෙහි රස තෘෂ්ණාව යනු ඒකාන්තයෙන් ම ලාමක දෙයක් ම යි!

Comments Off on 014. වාතමිග ජාතකය

013. කණ්ඩින ජාතකය

2020-11-25T13:19:33+05:30May 30th, 2016|02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

“මහණෙනි... මේ භික්ෂුව පෙර ආත්මෙකත් ඔය ගැහැණිය නිසා ම මරණයට පත්වුනා. අනුන්ට ආහාර පිණිස ගිනි අඟුරු ගොඬේ පිළිස්සෙන මසක් වුනා. එතකොට භික්ෂූන් වහන්සේලා ඒ යටගිය කතාව කියාදෙන ලෙස භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා."

012. නිග්‍රෝධමිග ජාතකය

2020-03-18T14:51:14+05:30May 16th, 2016|02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

“මගේ රත්තරන් මුව රජෝ…. මං ඔයාට වගේම අනිත් හැමෝට ම අද පටන් ආදරය කරනවා. මං ඒ හැමෝට ම අභය දානය දෙනවා. අනේ….. මගේ රන්කඳ…. මට අනුශාසනා කරන්න. මං ඔයා කියන ඕන දෙයක් කරනවා” “දේවයන් වහන්ස, එහෙනම්….. මව්පියන්ට, අඹුදරුවන්ට, බ්‍රාහ්මණ ගෘහපතියන්ට, නිගමජනපදවාසීන්ට ධර්මය තුළින් ම රැකවරණ සලසන්න.

011. ලක්ඛණමිග ජාතකය

2020-03-18T14:50:50+05:30April 12th, 2016|02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

අපි මේ යන්නේ හරීම භයානක සසර ගමනක. අප නොදැනීම නොයෙක් විපත්ති, කරදර, ආන්තරා වලට බඳුන් වෙනවා. අනුන්ගේ ගැටවලටත් නොදැනීම හසුවෙනවා. සත්පුරුෂයෝ කියලා හිතාගෙන අසත්පුරුෂයන්ට හසුවෙනවා. තමාත් දන්නෙම නැතුව අනුන් විසින් මෙහෙයවන බළල් අත් බවට පත්වෙනවා. එබඳු දෙයක් වුනොත් සෑහෙන්න පව් රැස්වෙනවා. කරදරේ වැටෙනවා. එබඳු වූ මහා විපතකට ලක්වෙන්න ගිය පිරිසක් බේරාගත් ප්‍රවෘත්තියකුයි මේ කථාවට පසුබිම් වුනේ. ඒ කතාව සිදුවුනේ මෙහෙමයි.

Comments Off on 011. ලක්ඛණමිග ජාතකය
Go to Top