නුවණ වැඩෙන බෝසත් කථා

034. මච්ඡ ජාතකය

2020-10-28T22:09:50+05:30February 18th, 2019|04. කුලාවක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

විශාල මාළුවෙක් මාළුච්චියක් සමග ප්‍රේමයෙන් වෙලී රාගයෙන් මත් වී ජලයේ සෙල්ලම් කරමින් දැල පැත්තට පීනා ආවා. ඉස්සර වෙලා වතුරේ නට නටා ගියේ මාළුච්චියයි. මාළුවා ඈ පස්සෙන් නට නටා ආවා. ඇයට දැලක් අටවා ඇති වග තේරුනා. ඈ දැලට වටෙන් වටෙන් ගියා. රාගයෙන් මත් වෙලා සිටිය මාළුවා එක්වරම දැල ඇතුළට පිහිනා ගියා.

033. සම්මෝදමාන ජාතකය

2020-10-29T14:59:59+05:30February 13th, 2019|04. කුලාවක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

මං දැල දාපු ගමන් වෙනදා වගේ කෑගැසීමක් නෑ. හැමෝම දැලත් උස්සන් ඉගිල්ලෙනවා. මට තාම හිතා ගන්ට බෑ මොකක්ද මේ වුනේ කියලා. ඊටපස්සේ උන් කටුලැහැබකට පාත්වෙනවා. අස්සෙන් අස්සෙන් රිංගා ඉගිලෙනවා. හැබැයි මං එකක් දන්නවා. ඕකුන්ගෙ සමගිය වැඩිකල් තියෙන්නේ නෑ. එදාට බලාපන්....

032. නච්ච ජාතකය

2020-10-29T15:07:05+05:30February 8th, 2019|04. කුලාවක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

එතකොට මොණරා මහත් ආඩම්බරයට පත්වුනා. ‘මුන්දැලා තාම මගේ හැබෑ හැඩරුව දැක්කේ නෑ’ කියලා පිරිස මැද්දේ පිල් කළඹ විදහාගත්තා. කැරකි කැරකී නටන්ට පටන් ගත්තා. එතකොට මොණරාගේ පස්ස පැත්ත හැමෝට ම පේන්ට පටන් ගත්තා. මෙය දැකපු ස්වර්ණ හංසරාජයා මහත් ලැජ්ජාවට පත්වුනා....

031. කුලාවක ජාතකය

2020-11-25T14:09:02+05:30February 6th, 2019|04. කුලාවක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

සක් දෙවිඳුගේ වචනය ඇසූ මාතලී රථය නැවැත්තුවා. වෙනත් මගකින් යන්ට රථය දෙව්ලොව පැත්තට හැරෙව්වා. රථය නවතාලූ විට අසුරයෝ මෙහෙම හිතුවා. ‘ඒකාන්තයෙන් ම අනිත් සක්වල වලින් ශක්‍රයෝ එනවා වගෙයි. බලය ලබාගෙන අපට බැටදෙන්ට යි රථය හැරෙව්වේ’ කියලා බියට පත්වුනා....

Comments Off on 031. කුලාවක ජාතකය

030. මුනික ජාතකය

2020-11-15T13:13:46+05:30February 3rd, 2019|03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඒ ගෙදර දියණියක් ඉන්නවා. ඒ දියණිය ඉතා ආදරයෙන් ඌරෙකුට සලකනවා. ඒ ඌරාගේ නම මුනික. හොඳට කැඳබත් ආදිය දීම නිසා ඌරා උස මහතට තරව වැඩුනා. ඒ ගෙදර ඌරාට පමණක් ආදරයෙන් කෑම බීම දෙන නිසා චුල්ල ලෝහිත ඒ ගැන සතුටු වුනේ නෑ. දවසක් ඔහු මහා ලෝහිතට මෙහෙම කිව්වා.....

Comments Off on 030. මුනික ජාතකය

029. කණ්හ ජාතකය

2020-11-15T14:06:22+05:30January 30th, 2019|03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඒ කාලේ බෝධිසත්වයෝ ගව යෝනියෙහි ඉපිද සිටියා. මේ ගවයා පැටියා කාලේ එක්තරා මැහැලියකගේ ගෙදර නැවැත්තුවා. හැදූ වැඩූ කුලිය ගෙවාගන්ට බැරිවීමෙන් ඒ මැහැලියට ම වහු පැටියා සින්න වුනා. මේ ආච්චි සිය ගව පැටියාට මහත් ආදරයෙන් යුක්තයි. තමන්ගේ දරුවෙකුට වගේ කන්ට බොන්ට දී ඇතිදැඩි කළා.

028. නන්දිවිසාල ජාතකය

2020-11-15T14:26:38+05:30January 25th, 2019|03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

පින්වතුනේ, පින්වත් දරුවනේ, කවුරුත් පාහේ කලබල වූ අවස්ථා වලත් වැඩිදුර නොසිතාත් නොසරුප් වදන් කථා කරන අවස්ථා දකින්ට ලැබෙනවා. නමුත් බොහෝ විට එයින් යහපතක් සිදුවන්නේ නෑ. ඕනෑතරම් පාඩු නම් සිදුවෙනවා. අනුන් හෙළා තලා කථා කිරීම නොකළ යුතු දෙයක් ම යි.

027. අභිණ්හ ජාතකය

2020-11-23T21:41:03+05:30January 23rd, 2019|03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඒ කාලේ බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ ඇමතියෙක් වෙලා සිටියා. ඒ දවස්වල රජ්ජුරුවන්ගේ මංගල හස්ති රාජයා බැඳලා ඉන්න ශාලාවට එක් බලු පැටියෙක් එන්ට පුරුදු වුනා. ඌ ඇවිත් ඇතාට දෙන බත් වලින් වැටෙන බත්හුළු කන්ටත් පුරුදු වුනා. ටිකෙන් ටික මේ බල්ලා ඇතාට පුරුදු වුනා. පස්සේ දෙන්නට දෙන්නා ඉතාමත්ම හිතවත් වුනා.

026. මහිලාමුඛ ජාතකය

2020-11-23T21:54:09+05:30January 12th, 2019|03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඒ කාලේ බෝධිසත්වයෝ පණ්ඩිත ඇමතියෙක් වෙලා ඒ රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද කළා. ඔය බරණැස් රජ්ජුරුවන්ට මහිලාමුඛ කියලා ඉතා යහපත් මංගල හස්තියෙක් හිටියා. ඒ ඇතා ඉතා කීකරුයි. ආචාර සම්පන්නයි. කාටවත්ම කරදරයක් කළේ නෑ. දවසක් මහිලාමුඛ ඇත්රජා බැඳ සිටිය ශාලාව අයිනට සොරු රංචුවක් ආවා.

025. තිත්ථ ජාතකය

2020-11-24T14:10:16+05:30December 30th, 2018|03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

එක් එක් ජීවිත වල අප පුරුදු කරන දේවල් අපගේ සසර පුරුදු හැටියට බොහෝ කල් දිගින් දිගට පවතින්ට පුළුවනි. ධර්මය අවබෝධ කරගැනීමේදී පවා කෙනෙක් තවත් කෙනෙකුගෙන් වෙනස් වෙන්නේ ඒ සසර පුරුද්ද අනුව විය හැකියි. මේ කථාවෙන් කියවෙන්නේත් සසර පුරුද්දක් ධර්මාවබෝධයට බලපෑ ආකාරයයි.

Go to Top