03. කුරුංග වර්ගය

030. මුනික ජාතකය

2020-11-15T13:13:46+05:30February 3rd, 2019|03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඒ ගෙදර දියණියක් ඉන්නවා. ඒ දියණිය ඉතා ආදරයෙන් ඌරෙකුට සලකනවා. ඒ ඌරාගේ නම මුනික. හොඳට කැඳබත් ආදිය දීම නිසා ඌරා උස මහතට තරව වැඩුනා. ඒ ගෙදර ඌරාට පමණක් ආදරයෙන් කෑම බීම දෙන නිසා චුල්ල ලෝහිත ඒ ගැන සතුටු වුනේ නෑ. දවසක් ඔහු මහා ලෝහිතට මෙහෙම කිව්වා.....

Comments Off on 030. මුනික ජාතකය

029. කණ්හ ජාතකය

2020-11-15T14:06:22+05:30January 30th, 2019|03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඒ කාලේ බෝධිසත්වයෝ ගව යෝනියෙහි ඉපිද සිටියා. මේ ගවයා පැටියා කාලේ එක්තරා මැහැලියකගේ ගෙදර නැවැත්තුවා. හැදූ වැඩූ කුලිය ගෙවාගන්ට බැරිවීමෙන් ඒ මැහැලියට ම වහු පැටියා සින්න වුනා. මේ ආච්චි සිය ගව පැටියාට මහත් ආදරයෙන් යුක්තයි. තමන්ගේ දරුවෙකුට වගේ කන්ට බොන්ට දී ඇතිදැඩි කළා.

028. නන්දිවිසාල ජාතකය

2020-11-15T14:26:38+05:30January 25th, 2019|03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

පින්වතුනේ, පින්වත් දරුවනේ, කවුරුත් පාහේ කලබල වූ අවස්ථා වලත් වැඩිදුර නොසිතාත් නොසරුප් වදන් කථා කරන අවස්ථා දකින්ට ලැබෙනවා. නමුත් බොහෝ විට එයින් යහපතක් සිදුවන්නේ නෑ. ඕනෑතරම් පාඩු නම් සිදුවෙනවා. අනුන් හෙළා තලා කථා කිරීම නොකළ යුතු දෙයක් ම යි.

027. අභිණ්හ ජාතකය

2020-11-23T21:41:03+05:30January 23rd, 2019|03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඒ කාලේ බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ ඇමතියෙක් වෙලා සිටියා. ඒ දවස්වල රජ්ජුරුවන්ගේ මංගල හස්ති රාජයා බැඳලා ඉන්න ශාලාවට එක් බලු පැටියෙක් එන්ට පුරුදු වුනා. ඌ ඇවිත් ඇතාට දෙන බත් වලින් වැටෙන බත්හුළු කන්ටත් පුරුදු වුනා. ටිකෙන් ටික මේ බල්ලා ඇතාට පුරුදු වුනා. පස්සේ දෙන්නට දෙන්නා ඉතාමත්ම හිතවත් වුනා.

026. මහිලාමුඛ ජාතකය

2020-11-23T21:54:09+05:30January 12th, 2019|03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඒ කාලේ බෝධිසත්වයෝ පණ්ඩිත ඇමතියෙක් වෙලා ඒ රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද කළා. ඔය බරණැස් රජ්ජුරුවන්ට මහිලාමුඛ කියලා ඉතා යහපත් මංගල හස්තියෙක් හිටියා. ඒ ඇතා ඉතා කීකරුයි. ආචාර සම්පන්නයි. කාටවත්ම කරදරයක් කළේ නෑ. දවසක් මහිලාමුඛ ඇත්රජා බැඳ සිටිය ශාලාව අයිනට සොරු රංචුවක් ආවා.

025. තිත්ථ ජාතකය

2020-11-24T14:10:16+05:30December 30th, 2018|03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

එක් එක් ජීවිත වල අප පුරුදු කරන දේවල් අපගේ සසර පුරුදු හැටියට බොහෝ කල් දිගින් දිගට පවතින්ට පුළුවනි. ධර්මය අවබෝධ කරගැනීමේදී පවා කෙනෙක් තවත් කෙනෙකුගෙන් වෙනස් වෙන්නේ ඒ සසර පුරුද්ද අනුව විය හැකියි. මේ කථාවෙන් කියවෙන්නේත් සසර පුරුද්දක් ධර්මාවබෝධයට බලපෑ ආකාරයයි.

024. ආජාණීය අශ්වයා(ආජඤ්ඤ ජාතකය)

2020-11-24T14:33:50+05:30December 12th, 2018|03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ආජානේය අශ්වයෝ දෙන්නා යුද ඇඳුමෙන් සරසවා රථයේ යෙදෙව්වා. මහා යෝධයාත් සන්නාහයෙන් සන්නද්ධව රථයට නැංගා. එක එක බලකොටුවට කඩාපැන්නා. සයවෙනි රජාව අල්ලාගත් වේලේ වැඩිමහල් අශ්වයා මාරාන්තික සතුරු ප්‍රහාරයකට ලක්වුනා. නමුත් අශ්වයා ලේ වැගිරෙද්දි රථය ප්‍රමාද කළේ නෑ. රජ මිදුලට ම ආවා.

023. භෝජ ආජානීය අශ්වයා(භෝජාජානීය ජාතකය)

2020-11-24T19:22:14+05:30December 7th, 2018|03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

යම්කිසි වැඩක් පටන් ගත් විට කාට වුනත් බාධා ඇතිවෙන්ට පුළුවනි. අපහසුතා ඇතිවෙන්ට පුළුවනි. සිය උත්සාහය නැතිවෙන්ට පුළුවනි. එබඳු අවස්ථාවක තමාව දිරිමත් කරන්ට කවුරුන් හෝ සිටින්ට ඕනේ. එහෙම දිරිමත් වීමෙන් නැවතත් සිත ධෛර්යවත් කරගන්ට ලැබුනොත් තම අදහස් මුදුන්පත් කරගන්ට ඉඩ සැලසෙනවා. මෙයත් එබඳු කථාවක්.

022. කුක්කුර ජාතකය(බෝසත් සුනඛ ජාතක කථාව)

2020-11-24T21:00:32+05:30November 23rd, 2018|03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

‘ඕහෝ.... එහෙනම් මේක රාජ මාලිගාවේ ඇතිකරන වංශවත් බල්ලන්ගේ වැඩක් වෙන්ට ඕනෑ.... වැරදිකාරයන්ට කිසි දඬුවමක් නෑ. වරදක් නොකළ අයටයි මරණ දඬුවම! දැන් මට කරන්ට තියෙන්නේ එක දෙයයි. හැබෑ වැරදිකාරයෝ කවුද කියලා රජ්ජුරුවන්ට පෙන්නන්ට ඕනෑ’ කියලා බෝසත් සුනඛයා කල්පනා කළා.

021. කුරුංග මිග ජාතකය

2020-11-24T21:24:28+05:30November 17th, 2018|03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

“පල... මුවෝ යන්න. මාත් තොට විරුද්ධයි” කියලා වාඩි වී ඉන්න ගමන්ම ආයුධයෙන් මුවාට ගැහුවා. බෝධිසත්වයෝ විදුලිය වගේ සැණෙකින් අහකට පැනලා නැවතුනා. මෙහෙම කිව්වා. “එම්බල මිනිහෝ.... දැන් මට කවුරුහරි විරුද්ධ වුනොත් ඔහුට අටමහ නරකාදියත් උස්සද නිරය දහසයත් පස්වැදෑරුම් වධබන්ධනත් විරුද්ධ නෑ. ඒවා ඔහුත් එක්ක යාළුයි”

Comments Off on 021. කුරුංග මිග ජාතකය
Go to Top