අසිරිමත් පසේබුදු පෙළහර

අසිරිමත් පසේබුදු පෙළහර 20

2016-12-31T21:55:38+05:30November 5th, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

“බොහෝ උදවිය තවත් කෙනෙකුන්ව ඇසුරු කරන්නේත්, සේවනය කරන්නේත් යම්කිසි ලාභ ප‍්‍රයෝජනයක් ලබාගැනීම වාසිය කරගෙනයි. ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාවෙන් තොරව සිටින යහපත් මිතුරන් ලැබීම අද කාලෙ දුර්ලභයි. තමන්ගේ යහපතට තියෙන ප‍්‍රඥාව අයුතු විදිහට වාසියට යොදවන්න ගිහින් මිනිසුන් අපිරිසිදු වෙලයි ඉන්නේ. එ් නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

Comments Off on අසිරිමත් පසේබුදු පෙළහර 20

අසිරිමත් පසේබුදු පෙළහර 19

2020-12-05T10:08:26+05:30October 31st, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

තියුණු දළ බල ඇති මෘගරාජන් වූ සිංහයා තමන්ගේ සියලු සවියෙන් සියලු සතුන් මැඬගෙන බිය සැක රහිතව ඉන්නවා. අන්න එ් වගේ ඈත හුදෙකලා සෙනසුන්වල වාසය කරමින් දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

Comments Off on අසිරිමත් පසේබුදු පෙළහර 19

අසිරිමත් පසේබුදු පෙළහර 18

2016-12-31T09:56:11+05:30October 31st, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

“අහස පොළොව කම්පාවෙන හෙණ හඬට පවා නොසැලී සිටින සිංහයෙක් වගේ, දැලට හසු නොවී පැනයන සුළඟක් වගේ, දියෙහි නොතැවරී තිබෙන නෙළුමක් වගේ ඉන්නයි මං කැමති. එ් නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

අසිරිමත් පසේබුදු පෙළහර 17

2016-12-30T17:59:03+05:30October 31st, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

“අයහපත් දේම හරි විදිහට දකින, වැරදි වැඩපිළිවෙලකම සිටින පාපී පුද්ගලයන්ගේ සහයෝගය නම් දුරුකරන්නම ඕන. එ් මිත්‍රත්වයෙන් ඵලක් නැහැ. ඔවුන් කාමයන්ට වසඟව සියලු කටයුතු ප්‍රමාද කොට වාසය කරන හෙයින් අත්හැර දැමිය යුතුමයි. එ් නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

Comments Off on අසිරිමත් පසේබුදු පෙළහර 17

අසිරිමත් පසේබුදු පෙළහර 16

2016-12-30T12:42:09+05:30October 31st, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

“එදා ආදිච්චබන්ධු පසේබුදුවරයන් වහන්සේ වචනයක් වදාළා. පිරිසත් සමඟ නිතර ඇලෙන, ඔවුන් හා එක්වී කල්ගෙවන කෙනාට කවරදාකවත් නිකෙලෙස් බවින් ලබන විමුක්තිය ස්පර්ශ කරන්න බැහැ කියලා. ඒ නිසාමයි මං මේ ගමන ආවේ. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

Comments Off on අසිරිමත් පසේබුදු පෙළහර 16

අසිරිමත් පසේබුදු පෙළහර 15

2018-11-10T18:25:01+05:30October 31st, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

“මේ ශරීරය නම් කෙමෙන් කෙමෙන් විනාශය කරාම යන දෙයක්. සැරව පිරුණු ගෙඩියක්. මහා වධයක්. රෝගයක්. රිදුම් දෙන හුලක්. ඕනෑම මොහාතක භය ඇතිකරවන දෙයක්. මේ හැම දෙයක්ම ඇතිවෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම සැපය නිසා. මං මේකෙ ආදීනව දැක්කා. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

Comments Off on අසිරිමත් පසේබුදු පෙළහර 15

අසිරිමත් පසේබුදු පෙළහර 14

2016-12-29T13:52:21+05:30October 31st, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

“මට දෙවැන්නෙක් සමඟ මේ විදිහට ජීවත් වෙන්නට සිදු වූ නිසා නිසරු වචන කිය කියා ඉන්න සිදුවුණා. අනිත් කෙනාට ඇලී ඉන්නත් සිදුවුණා. ඇත්තෙන්ම මේ තුළින් ඇතිවන අනාගත ප්‍රමාදය ගැන මට භයක් ඇතිවෙනවා. දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

අසිරිමත් පසේබුදු පෙළහර 13

2016-12-29T13:35:37+05:30October 31st, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

“රන්කරු පුත්‍රයෙක් විසින් ඉතාමත් ලස්සනට කැටයම් කළ ප්‍රභාෂ්වර රන් වළළු මට දකින්නට ලැබුණා. අත්දෙක සෙළවෙද්දී ඒ වළළු එකිනෙකට ගැටුණා. ජීවිතයත් ඒ වගෙයි කියා මට සිතුණා. මං හුදෙකලා වුණා. දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

Comments Off on අසිරිමත් පසේබුදු පෙළහර 13

රස ගැන නොඇලී වසමුද මෙලෙසේ

2021-03-04T17:07:08+05:30October 30th, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

“ඇත්තෙන්ම යහපත් මිතුරන්ගේ ඇසුරමයි අපි ප‍්‍රශංසා කරන්නේ. යහළුවන් ඇසුරු කිරීමේදී එක්කො තමන්ට වඩා ශ්‍රේෂ්ඨ උදවිය විය යුතුයි. එක්කො තමා හා සමාන උදවිය විය යුතුයි. එවැනි යහළුවන් ඇසුරට නොලැබෙන විට වළඳන ආහාරයේ පවා නොඇලෙමින්, නොගැටෙමින් වැළඳිය යුතුයි. එතකොට ඔහු හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

පුරුදු කල සිහිය ඇසුරෙන් පසේබුදු වූ අසිරිය

2021-03-02T16:19:33+05:30October 30th, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

“ඉදින් කෙනෙකුට අවස්ථාවෝචිත ප‍්‍රඥාවෙන් යුක්ත, වීරියවන්ත යහළුවෙක් තමන්ගේ ආශ‍්‍රයට සුදුසු ආකාරයට ලැබෙන්නේ නැත්නම්, ඔහු කළ යුත්තේ මෙයයි. දිනපු රට අත්හැර යන රජෙක් වගේ හැසිරිය යුත්තේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

Comments Off on පුරුදු කල සිහිය ඇසුරෙන් පසේබුදු වූ අසිරිය
Go to Top