අසිරිමත් ශාස්තෘත්වය
“පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට වුණත් අපහාස කරනවා නම්, ධර්මයට වුණත් අපහාස කරනවා නම්, සංඝයාට වුණත් අපහාස කරනවා නම් ඒ කියුම් ගැන ඔබ විසින් තරහ බැඳගැනීම් නොකළ යුතුයි. අමනාපය ඇති නොකර ගත යුතුයි. සිතේ නොකැමැත්තක් ඇති නොකර ගත යුතුයි.

ඔය විදිහට අම්බසක්ඛර ලිච්ඡවී රජතුමා විශාලා මහනුවර එක්තරා උපාසකයෙක් බවට පත් වුණා. ශ‍්‍රද්ධාවන්ත වුණා. භික්ෂූන්ට මොලොක් සිතින් උපකාර කරන කෙනෙක් වුණා. සංඝයාට ඉතා යහපත් විදිහට උපස්ථාන කළා. හුලමත හිටවපු කෙනා සනීප වුණා. නිදහසේ යන එන කෙනෙක් වුණා. සුවපත් වුණා. උතුම් කප්පිනක ස්වාමීන් වහන්සේ ළඟට ඇවිදින් පැවිදි වුණා. ලිච්ඡුවි රජුයි, ඒ පුද්ගලයායි දෙන්නම මාර්ගඵල අවබෝධ කළා.