බෝධීන් වහන්සේලා දහස් නමක් රෝපණය කිරීමේ මහා පින්කමක් පසුගිය නොවැම්බර් 27 දින බණ්ඩාරවෙල, කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවේදී අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදුකෙරුනා.
බෝධීන් වහන්සේලා රෝපණය කිරීමට පෙර අසපු භූමියට බෝධීන් වහන්සේලා වැඩමවීමෙන් පසු සත් දිනක් පුරාවට උදෑසන කිරි ආහාර පූජාව, දහවල් බුද්ධ පූජාව, සවස ගිලන්පස බුද්ධ පූජාව සහ රාත්‍රී ආරක්ෂක පිරිත් සූත්‍ර සජ්ඣායනා කිරීම ආදී උතුම් වත පිළිවෙතින් එම බෝධීන් වහන්සේලා උදෙසා පූජෝපහාර පැවැත්වුනා.
දහස් සංඛ්‍යාත පිරිසක් අපමණ පින්ඵල රැස්කරගත් මෙම උතුම් පින්කම දැකබලා ඔබත් පහන් සිතින් අනුමෝදන් වන්න.
සාදූ…සාදූ…සාදූ….මෙම පුන්‍යකර්මය පින්තූර මගින් දැකබලා සතුටුසිතින් පිං අනුමෝදම් කරගතිමි…මාගේ සම්මාසම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා… නමෝ බුද්ධාය
Mage Samma Sambudu rajanan wahanseta namas kara wewa. Sri maha bodhin wahansela dahas namata namaskara wewa. Sadhu Sadhu Sadhu!