අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 26 ග්‍රන්ථය එළිදැක්වීම නමෝ බුද්ධාය! අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තනය කරන ලද ධම්මපදට්ඨ කථාවෙහි අවසාන කොටස වන බ්‍රාහ්මණ වර්ගය එළිදැක්වීම මෙම මස 23 වනදා එනම් දුරුතු පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුකිරීමට නියමිතයි. කලින් ධම්මපද විවරණ පොත්වල සඳහන්ව තිබුණේ යමක වර්ගයේ සිට භික්ඛු වර්ගය දක්වා පමණයි. මෙම පොතෙන් ධම්ම පදයෙහි අවසාන වර්ගය වන බ්‍රාහ්මණ වර්ගය විස්තර වෙනවා. බ්‍රාහ්මණ වර්ගයේ ගාථා හතළිස් එකක් ඇතුළත් වෙනවා. එම ගාථාවල සරල තේරුමත්, එම ගාථාවන් දේශනා කිරීමට හේතු වූ පසුබිම් කථාවත්, මෙම ධම්ම පදය පොත තුළ සටහන්ව තිබෙනවා. මෙහි දම් රස වෑහෙන අයුරු මෙය කියවද්දී ඔබට පසක් වේවි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය දැනගෙන ඒ ධර්මයට අනුව සිත, කය, වචනය හසුරුවා ගෙන දහම් රස විඳිමින් ජීවිතය ගත කරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද! Mahamevnawa Monastery2018-11-01T13:40:51+05:30January 14th, 2016|News, නවතම පුවත්|Comments Off on අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 26 ග්‍රන්ථය එළිදැක්වීම උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... FacebookXLinkedInWhatsAppPinterestEmail Related Posts ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය ගෞතම බුදු සසුනට පූජා වූ වගයි! ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය ගෞතම බුදු සසුනට පූජා වූ වගයි! May 17th, 2025 | 0 Comments බක් පුන් පොහෝ දා ගෞතම බුදු සසුනට පූජා වූ අග්‍රගණ්‍ය විහාර මන්දිරය – බුදු පසේබුදු අරහන්තක මහා විහාරය බක් පුන් පොහෝ දා ගෞතම බුදු සසුනට පූජා වූ අග්‍රගණ්‍ය විහාර මන්දිරය – බුදු පසේබුදු අරහන්තක මහා විහාරය April 17th, 2025 අනගාරිකා අසපුවේ නව කුටි සංකීර්ණයට දායක වූ සැමට පුණ්‍යානුමෝදනා! අනගාරිකා අසපුවේ නව කුටි සංකීර්ණයට දායක වූ සැමට පුණ්‍යානුමෝදනා! March 18th, 2025 යොවුන් දහම් සක්මන – 2025 යොවුන් දහම් සක්මන – 2025 February 17th, 2025 සේරුවිල නාහිමියෝ පුරාවිද්‍යාවට රන් සම්මාන ලබති සේරුවිල නාහිමියෝ පුරාවිද්‍යාවට රන් සම්මාන ලබති December 14th, 2024