Book Donation2018-11-22T22:10:20+05:30

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන ‘ගෞතම බුදුරජුන්ගේ සාම සන්දේශය’ පැතිරවීම පිණිස අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදය මත සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළක් මහමෙව්නාව භාවනා අසපු සංචිතය විසින් ආරම්භ කරන්නට යෙදුනා. ඒ යටතේ බොහෝ දෙනෙකුට ධර්මය ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙන පරිදි දිවයිනේ නොයෙක් ප්‍රදේශ වල පිහිටි විහාරස්ථාන, දහම් පාසල්, පාසල්, රාජ්‍ය ආයතන, හමුදා කඳවුරු, පුස්තකාල, ප්‍රජා ආයතන රැසකට සදහම් පොත් කට්ටල් 1000 කටත් අධික ප්‍රමාණයක් මේ වනවිටත් පූජා කොට අවසන්. මේ උතුම් ධර්ම දානය සඳහා නන් අයුරින් දායක වූ සියලු පින්වතුන්ට දහම් ඇස පහළ වීම පිණිස මේ පින හේතු වේවා!

මහමෙව්නාව භාවනා අසපු සංචිතය විසින් සිදු කරන මේ උතුම් ධර්ම දානමය පින් කමට හැකි පමණින් දායක වී පින් රැස් කර ගන්නට ඔබටත් පුළුවනි. අපි වගේ ම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබා එහෙත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය කියවන්නට ඉගෙන ගන්නට නොලැබුණු කොයිතරම් නම් පිරිසක් ඇද්ද? ඒ අයටත් මේ ධර්මය ලැබුණොත් ඒ ජීවිතත් සුවපත් කරගන්නට හැකි වේවි!

0+
මේ වන විට පරිත්‍යාග කර ඇති සදහම් පොත් කට්ටල් ප්‍රමාණය

මියන්මාර භූකම්පනයෙන් අසරණ වූ ජනතාවට මහමෙව්නාවෙන් රු. මිලියන 16 ක්.

මියන්මාර වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ඔවුනට ආධාර අවැසි මොහොතේ මෙම ආධාර වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට එක් වූ සියලු දෙනාට ම මහමෙව්නාව අසපු සංචිතය පුණ්‍යානුමෝදනා පුද කර සිටී.

ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය ගෞතම බුදු සසුනට පූජා වූ වගයි!

ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය බුදු වසින් 2569 ක් වූ වෙසක් පුන් පොහෝ දින (ව්‍යවහාර වර්ෂ 2025/05/12) ධර්ම ශාලා පරිශ්‍රය, සංඝාවාස පරිශ්‍රය ද සමගින් සකල විහාරාංගයන්ගෙන් සමලංකෘත ව චංචල නිශ්චල දේපල සහිතව ගෞතම බුදු සසුනට පූජා වූ වගයි!

වෙසඟේ අසිරිය!

පාළි භාෂායෙන් ‘වේසාඛ’ කියනුයේ වෙසක් මාසයට ය. සංස්කෘත භාෂායෙන් ‘වෛශාඛ’ කියාත්, හෙළ බසින් ‘වෙසක්’ කියාත් එය ව්‍යවහාර කෙරේ. මෙකල අතිශයින් ම ප්‍රකට ව පවතිනුයේ ‘වෙසක්’ යන නාමය යි. එය ඒ මාසයට කියන නම ය. ඒ මාසයේ එළඹෙන පුන් පොහොය ද වෙසක් නමින් හැඳින්වෙනුයේ ඒ නිසා ය. එසේ නැතිව වේශයක්, වෙනසක්, විශේෂයක්, වෙනස් බවක් යන අරුතක් එහි නැත්තේය.

Go to Top