ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසිකව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි අහාර වේලක් ලබා දීමේ පින්කමක් 2019 අගෝස්තු මස 26 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි. මෙම උතුම් දානමය පින්කම සඳහා බැතිබර දායකත්වය දරනු ලැබුවේ පින්වත් අනූජා විදානගම මහත්මිය,තාරක විදානගම මහත්මා සහ පින්වත් රහල වජිරමාලා සිල් මෑණියන් ඇතුලු පිරිස විසිනි.

මාසිකව සිදු කෙරෙන මේ උතුම් පුණ්‍ය කර්මය උදෙසා පින්වත් ඔබට ද දායක විය හැකි ය. විමසීම් – 071 437 1522