ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපු භූමියේ ඉදිවූ අභිනව දම්සභා මණ්ඩපය ගෞතම සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය සුපින්බර පොසොන් පුන් පොහොය දින අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් කොච්චිකඩේ බුද්ධගයා මහා විහාරයේ අනුශාසක අතිපූජ්‍ය හිනිදුම නන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ ගෞරවණීය වැඩමවීමෙන් සහ දහස් සංඛ්‍යාත උවැසි උවැසියන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත්ව සිදු වූ වගයි.

මේ ඒ උතුම් පුණ්‍යමහෝත්සවයේ අවස්ථාවන් සහ මෙත් මල් උයන ළමා සදහම් වැඩසටහනේ දරුදැරියන් පවත්වන ලද සූත්‍ර සජ්ඣායනයේත් දහවල ධර්ම දේශනාවේත් ඡායාරූප එකතුව හා වීඩියෝ දර්ශන ඔබට පහතින් නැරඹිය හැකිය. 👇

අභිනව දම්සභා මණ්ඩපයට මුල්ගල් තිබූ දිනයේ පටන් අපහට සෙත් පතමින් අනුශාසනා කරමින් මග පෙන්වා වදාළ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයටත් මූල්‍යමය වශයෙන්, ශ්‍රමයෙන් හා දැනුමෙන් උපකාර කළ දෙස් විදෙස් සියලු උපාසක උපාසිකාවන්ටත් මේ ගෞතම බුදු සසුනේදී ම චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිස මේ උතුම් පින උපකාර වේවා!!!

ධර්ම දේශනා සහ අනෙකුත් වීඩියෝ දර්ශන

ඡායාරූප එකතුව