2016 මැයි මස 17 වන දින කැළණි ගං මිටියාවත ජලයෙන් යටවී යද්දී සති දෙකක් පුරාවට අසරණ වූ මිනිසුන් වෙනුවෙන් ආහාර පාර්සල් 60000කට අධික ප‍්‍රමාණයක් ලබා දෙන්නටත් අපට හැකි වුණා. අසරණ මිනිසුන්ගේ සියළු සේසතම ජලයෙන් සේදී යද්දී ඇඳිවත පමණක් මිනිසුන්ට ඉතිරි වුණා. මෙසේ අසරණ වූ මිනිසුන් වෙනුවෙන් අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් ආදී උපකරණ ලබාදෙන්නට තාවතිංස යාත‍්‍රා සංවිධානය කටයුතු කළා. මේ අනුව රුපියල් ලක්ෂ 362කට අධික ප‍්‍රමාණයක් වටිනා වියළි ආහාර සහ ඇඳුම් පැළඳුම් ආදිය ලබා දෙන්නටත් අපට හැකි වුණා. ඒ අතරම කොළොන්නාව හෙන්රි ඕල්කට් විද්‍යාලයේ දරුවන් 400කට අධික පිරිසක් උදෙසා සහ අඹතලේ සමුද්‍රදේවි බාලික විද්‍යාලයේ දැරියන් 700කට අධික පිරිසක් උදෙසා පාසල් බෑග්, පෑන්, පැන්සල්, සපත්තු කවකටු පෙට්ටි සහ නිල ඇඳුම් ආදිය ලබා දෙන්නටත් අපට හැකි වුණා.
මෙලෙස අප රැස්කළ සියලු පින් සියල්ලෝ අනුමෝදන් වෙත්වා…!
Leave A Comment