2016 මාර්තු 06 වන දින මව්පිය සෙනෙහස අහිමි වූ අසරණ දරුවන් වෙනුවෙන් ආදරය සෙනෙහස දක්වන්නට පානදුර හොරේතුඩුව ශ‍්‍රී චන්ද්‍රසේකර ළමා නිවාසයට තාවතිංස යාත‍්‍රා සංවිධානයේ සාමාජිකයින් පිවිසුනා.

එම අසරණ දරුවන්හට අලුත් ඇඳුම් පැළඳුම් මෙන්ම දරුවන් වෙනුවෙන් අවශ්‍ය උපකරණ ආදිය තිළිණ කරන්නටත් ප්‍රණීත ආහාර පාන කවා පොවා සෙනෙහස තිළිණ කරන්ලනටත් අපට හැකි වුනා. එමෙන්ම එම දරුවන් හට ගරුතර මහා සංඝරත්නය වඩමවා සීල භාවනා වැඩසටහනක් පවත්වා දරුවන් ලවා සඟරුවනට දන්පැන් පූජා කර ඔවුන් පිනෙහි සමාදන් කරවන්නටත් අප අමතක කළේ නෑ..

එම දරුවන් ගේ ඇඳ ඇතිරිලි ආදිය මෙන්ම ළමා නිවාසය ද පිරිසිදු කිරීම් ආදී කටයුතු සිදුකරන්නටත් අපට හැකි වුණා.

මෙලෙස අප රැස්කළ සියලු පින් සියල්ලෝ අනුමෝදන් වෙත්වා…!