2016 අගොස්තු මස 13 වන දින පොළොන්නරුව තාවතිංස යාත්රා සංවිධානය මගින් පොළොන්නරුව ප්‍රදේශයේ 500ක් පමණ ගැබිණි මව්වරුන් වෙනුවෙන් උපකරණ ලබාදීමත් සීල භාවනා වැඩසටහනකුත් පවත්වන්නට යෙදුනා.
ධර්මයේ හැසිරීම ගිහිගෙදර වැඩකටයුතු සඳහා බාධාවක් බව සිතන මේ සමාජයේ මවුවරුන් හට තිසරණයේ පිහිටමින් තම බළිඳාටද තිසරණය දායාද කරනා ආකාරය පෙන්වා දෙමින් ද උතුම් තෙරුවණේ ආශිර්වාදය ලබාදෙමින් ද සිදු කළ මෙම පුණ්‍ය සත්කාර පොළොන්නරුව ළමා හා මාතෘ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය සහ තාවතිංස යාත්රා සංවිධානය එක්ව සංවිධානය කරන්නට යෙදුනි.
මේ අකාරයෙන් අප රැස් කළ සියලු පින් මේ සඳහා උදව් උපකාර කල සැමටත් දැකබලා සතුටු වන සැමටත් සම සිතින් අනුමෝදන් කරමි.. අනුමෝදන් වේවා…!
Leave A Comment