“අසරණ රෝගීන් සුවපත් වේවා” යන මෙත් සිතින් යුතුව තාවතිංස යාත්‍රා බලංගොඩ ඒකකය මගින් සංවිධානය කරන ලද “ගිලානෝපස්ථාන” වැඩසටහන බලංගොඩ මූලික රෝහල තුල 2016 ජූලි 02 දිනය පුරාවට සිදු කරමින් අප විසින් බොහෝ පින් ‍රැස් කර ගත්තෙමු.

කොළ කැඳ, එළවලු සුප්, කිරි තේ, ආප්ප ආදිය සියලු නේවාසික රෝගීන් සඳහාත්, කාර්යමණ්ඩලය සඳහාත් ලබා දුන් අතර රෝහලේ සියලු වාට්‍ටු සඳහා අවශ්‍ය කර තිබූ මදුරු දැල් සහ වෙනත් උපකරණ ලබා දී ගැබිණි මාතාවන් සහ රෝගී ළදරුවන් උදෙසා සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද කරමින් පිරිත් පැන් සහ පිරිත් නූල් ලබා දුන්නෙමු…

මේ අකාරයෙන් අප ‍රැස් කළ සියලු පින් මේ සඳහා උදව් උපකාර කල සැමටත් දැකබලා සතු‍ටු වන සැමටත් සම සිතින් අනුමෝදන් කරමි.. අනුමෝදන් වේවා…!