2018 මැයි 27 වන දිනට අසපුව පූජා කර වසර 11 ක් සැපිරීම නිමිති කරගෙන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදය මත හොරණ මහමෙව්නාව භාවනා අසපුවේ හුදෙකලා භාවනා කුටි සෙනසුන් සදහා ද කුටි සංකීර්ණය තුළ නව භාවනා කුටි සෙනසුන් සදහා ද මුල්ගල් තබන්නට යෙදුනා.

හොරණ නගරාධිපති තැන්පත් ඩබ්ලිව්. සිරිසෝම මහතා, හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක නයන ප්‍රියන්ජිත් වැලිකල මහතා ඇතුළු පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්තුමා, ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය, හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා සහ අසපු භුමිය බුදු සසුනට පූජා කළ ඩී.කේ. සුබසිංහ මහතා, ජීවක සුබසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයේ මෙම පින්කම සිදුවිය…

පින් කැමැත්තෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා…!