නුවණ වැඩෙන බෝසත් කථා

ජාතක පොත් වහන්සේ ඔබ කියවලා ඇති. කුඩා අවධියේත්, පාසලේදීත්, සරසවියේත්, පන්සලේ බණ මඩුවේත්, වෙසක් නාඩගමේත් අපි ජාතක කථා රස වින්දෙමු. නමුත් එහි සෑබෑ අරුත කුමක් දැයි තේරුම් ගන්නට අප සමත් වූ වගක් නම් නොපෙනේ.

‘නුවණ වැඩෙන බෝසත් කථා’ නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟිනි. මෙහි අරුත් දැන එම කථාවත් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්‍රතිඵලයයි.

හැම දෙනාටම තෙරුවන් සරණයි!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අලුත් පළකරන ලද ජාතක කථා

034. මච්ඡ ජාතකය

විශාල මාළුවෙක් මාළුච්චියක් සමග ප්‍රේමයෙන් වෙලී රාගයෙන් මත් වී ජලයේ සෙල්ලම් කරමින් දැල පැත්තට පීනා ආවා. ඉස්සර වෙලා වතුරේ නට නටා ගියේ මාළුච්චියයි. මාළුවා ඈ පස්සෙන් නට නටා ආවා. ඇයට දැලක් අටවා ඇති වග තේරුනා. ඈ දැලට වටෙන් වටෙන් ගියා. රාගයෙන් මත් වෙලා සිටිය මාළුවා එක්වරම දැල ඇතුළට පිහිනා ගියා.

033. සම්මෝදමාන ජාතකය

මං දැල දාපු ගමන් වෙනදා වගේ කෑගැසීමක් නෑ. හැමෝම දැලත් උස්සන් ඉගිල්ලෙනවා. මට තාම හිතා ගන්ට බෑ මොකක්ද මේ වුනේ කියලා. ඊටපස්සේ උන් කටුලැහැබකට පාත්වෙනවා. අස්සෙන් අස්සෙන් රිංගා ඉගිලෙනවා. හැබැයි මං එකක් දන්නවා. ඕකුන්ගෙ සමගිය වැඩිකල් තියෙන්නේ නෑ. එදාට බලාපන්....

032. නච්ච ජාතකය

එතකොට මොණරා මහත් ආඩම්බරයට පත්වුනා. ‘මුන්දැලා තාම මගේ හැබෑ හැඩරුව දැක්කේ නෑ’ කියලා පිරිස මැද්දේ පිල් කළඹ විදහාගත්තා. කැරකි කැරකී නටන්ට පටන් ගත්තා. එතකොට මොණරාගේ පස්ස පැත්ත හැමෝට ම පේන්ට පටන් ගත්තා. මෙය දැකපු ස්වර්ණ හංසරාජයා මහත් ලැජ්ජාවට පත්වුනා....

031. කුලාවක ජාතකය

සක් දෙවිඳුගේ වචනය ඇසූ මාතලී රථය නැවැත්තුවා. වෙනත් මගකින් යන්ට රථය දෙව්ලොව පැත්තට හැරෙව්වා. රථය නවතාලූ විට අසුරයෝ මෙහෙම හිතුවා. ‘ඒකාන්තයෙන් ම අනිත් සක්වල වලින් ශක්‍රයෝ එනවා වගෙයි. බලය ලබාගෙන අපට බැටදෙන්ට යි රථය හැරෙව්වේ’ කියලා බියට පත්වුනා....

030. මුනික ජාතකය

ඒ ගෙදර දියණියක් ඉන්නවා. ඒ දියණිය ඉතා ආදරයෙන් ඌරෙකුට සලකනවා. ඒ ඌරාගේ නම මුනික. හොඳට කැඳබත් ආදිය දීම නිසා ඌරා උස මහතට තරව වැඩුනා. ඒ ගෙදර ඌරාට පමණක් ආදරයෙන් කෑම බීම දෙන නිසා චුල්ල ලෝහිත ඒ ගැන සතුටු වුනේ නෑ. දවසක් ඔහු මහා ලෝහිතට මෙහෙම කිව්වා.....

029. කණ්හ ජාතකය

ඒ කාලේ බෝධිසත්වයෝ ගව යෝනියෙහි ඉපිද සිටියා. මේ ගවයා පැටියා කාලේ එක්තරා මැහැලියකගේ ගෙදර නැවැත්තුවා. හැදූ වැඩූ කුලිය ගෙවාගන්ට බැරිවීමෙන් ඒ මැහැලියට ම වහු පැටියා සින්න වුනා. මේ ආච්චි සිය ගව පැටියාට මහත් ආදරයෙන් යුක්තයි. තමන්ගේ දරුවෙකුට වගේ කන්ට බොන්ට දී ඇතිදැඩි කළා.

028. නන්දිවිසාල ජාතකය

පින්වතුනේ, පින්වත් දරුවනේ, කවුරුත් පාහේ කලබල වූ අවස්ථා වලත් වැඩිදුර නොසිතාත් නොසරුප් වදන් කථා කරන අවස්ථා දකින්ට ලැබෙනවා. නමුත් බොහෝ විට එයින් යහපතක් සිදුවන්නේ නෑ. ඕනෑතරම් පාඩු නම් සිදුවෙනවා. අනුන් හෙළා තලා කථා කිරීම නොකළ යුතු දෙයක් ම යි.

027. අභිණ්හ ජාතකය

ඒ කාලේ බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ ඇමතියෙක් වෙලා සිටියා. ඒ දවස්වල රජ්ජුරුවන්ගේ මංගල හස්ති රාජයා බැඳලා ඉන්න ශාලාවට එක් බලු පැටියෙක් එන්ට පුරුදු වුනා. ඌ ඇවිත් ඇතාට දෙන බත් වලින් වැටෙන බත්හුළු කන්ටත් පුරුදු වුනා. ටිකෙන් ටික මේ බල්ලා ඇතාට පුරුදු වුනා. පස්සේ දෙන්නට දෙන්නා ඉතාමත්ම හිතවත් වුනා.

026. මහිලාමුඛ ජාතකය

ඒ කාලේ බෝධිසත්වයෝ පණ්ඩිත ඇමතියෙක් වෙලා ඒ රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද කළා. ඔය බරණැස් රජ්ජුරුවන්ට මහිලාමුඛ කියලා ඉතා යහපත් මංගල හස්තියෙක් හිටියා. ඒ ඇතා ඉතා කීකරුයි. ආචාර සම්පන්නයි. කාටවත්ම කරදරයක් කළේ නෑ. දවසක් මහිලාමුඛ ඇත්රජා බැඳ සිටිය ශාලාව අයිනට සොරු රංචුවක් ආවා.

025. තිත්ථ ජාතකය

එක් එක් ජීවිත වල අප පුරුදු කරන දේවල් අපගේ සසර පුරුදු හැටියට බොහෝ කල් දිගින් දිගට පවතින්ට පුළුවනි. ධර්මය අවබෝධ කරගැනීමේදී පවා කෙනෙක් තවත් කෙනෙකුගෙන් වෙනස් වෙන්නේ ඒ සසර පුරුද්ද අනුව විය හැකියි. මේ කථාවෙන් කියවෙන්නේත් සසර පුරුද්දක් ධර්මාවබෝධයට බලපෑ ආකාරයයි.