බොහෝ දෙනෙකුට සුවසේ දහම් අසනු පිණිස කන්තලේ මහමෙව්නාව භාවනා අසපුවෙහි ඉදිවෙන අභිනව දෙමහල් ධර්ම ශාලාවේ පළමු මහලෙහි වැඩ අවසන් වීම නිමිත්තෙන් සැමට සෙත් පතා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ සියක් නමක් පමණ වූ මහසඟරුවන වඩමවා මහා සංඝගත දක්ෂිණාවක් පසුගිය අප්‍රේල් මස 7 සහ 8 යන දෙදින තුළ කන්තලේ ධම්මගිරි භාවනා අසපුවේදී බොහෝ සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි.

මෙහිදී මරණයට කැපවූ කිරිදෙනුන් සයදෙනෙකු මරණයෙන් මුදවා ඔවුන්ව ආදරයෙන් රැකබලා ගත හැකි පවුල් වෙත ලබාදීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ද සිදුකෙරුණු අතර අසපුවෙහි වැඩසිටින සර්වඥ ධාතු නිධාපිත ධම්මගිරි මහසෑ රජුන් උදෙසා විශේෂ වන්දනාවක් ද පවත්වන ලදී.

විශේෂයෙන් ම අපගේ වෙබ් අඩවිය මගින් පළකළ දැන්වීම්වලට අනුව මෙම ධර්ම ශාලාවේ ඉදිකිරීම් කටයුතු සඳහා දායකත්වය ලබාදුන් දෙස් විදෙස් සැදැහැවතුන්ටත් මෙම පින්කම සාර්ථක අයුරින් සිදුකරගැනීමට නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුන තුළදී ම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස මේ සියලු පින් හේතුවාසනා වේවා!