මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට පසුගිය පෙබරවාරි මස 28 වන දිනට වර්ෂයක් සම්පූර්ණ වීම නිමිති කරගෙන පෙබරවාරි 22 වන දින දොම්පේ ප්‍රාදේශිය රෝහලේ ශ්‍රමදාන පින්කමක් සංවිධානය කරන ලදී. මෙම පින්කමේදී මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ සිසු දරුවන් විසින් පහත ආකාර වලින් පින් රැස් කරගන්නට යෙදුනි.

  1. රෝහල් වාට්ටු පිරිසිදු කිරීම.
  2. බුදුපිළිම වහන්සේ සහ බුදු මැදුර පිරිසිදු කොට උද්‍යානය අලංකාර කිරීම.
  3. වාට්ටු වල ඇති කබඩ් පිරිසිදු කර අළුතෙන් තීන්ත ආලේප කර දීම.
  4. නේවාසිකව සිටින රෝගීන්ටත් එදින සායනය සඳහා පැමිණෙන රෝගීන්ටත් රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු දහසක් පමණ දෙනාට සුප් දානය ලබා දීම.
  5. පන්දහසක් පමණ බෙහෙත් පැකට් පිිළියෙල කොට පරිත්‍යාග කිරීම.
  6. වාට්ටු වල ඔක්සිජන් සිලින්ඩර වලට අවශ්‍ය ඔක්සිජන් රෙගියුලේටර් 4ක් පූජා කිරීම.
  7. ළමා වාට්ටුවට රූපවාහිනි යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සහ එය ළමා වාට්ටුවට සවිකර දීම.
  8. රෝහලේ විවිධ ස්ථාන වල දහම් කාරණා අඩංගු දැන්වීම් පල කිරීම.
  9. මාතෘ සායනය තිබෙන ස්ථානයට අංගුලිමාල පිරිත අඩංගු මනරම් පින්තූරයක් පූජා කිරීම.
  10. බෙහෙත් ද්‍රව්‍ය වල උෂ්ණත්වය ආරක්ෂාවන ඇසුරුම් පූජා කිරීම.

මේ ආකාරයෙන් මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ සිසුන් විසින් රැස් කළ සියලු පින් මේ සඳහා නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටත් දැක බලා සතුටු වන ඔබ සැමටත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණස ම උපකාර වෙවා!