මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

8-8. සැරියුත් තෙරුන්ගේ ඤාති සහෝදරයෙකුගේ කථා වස්තුව

“පින්වත් බ්‍රාහ්මණය, ඇත්තෙන්ම ඔබ බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය දන්නෙ නෑ. ඔබේ ආචාර්යවරුවත් බඹ ලොවට යන මාර්ගය නම් දන්නෙ නෑ. හැබැයි අපගේ ශාස්තෘන් වහන්සේ නම් ස්ථිරවම බඹලොවට යන මාර්ගය දන්නවා. පින්වත් බ්‍රාහ්මණය, එන්න. මං ඔබව ශාස්තෘන් වහන්සේ ළඟට කැඳවාගෙන යන්නම්.”

December 19th, 2018|Comments Off on 8-8. සැරියුත් තෙරුන්ගේ ඤාති සහෝදරයෙකුගේ කථා වස්තුව

8-7. සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව

“නැහැ පින්වත් බ්‍රාහ්මණය, ඇත්තෙන්ම ඔබ බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය දන්නෙ නෑ. ඔබේ ආචාර්යවරුවත් බඹ ලොවට යන මාර්ගය නම් දන්නෙ නෑ. හැබැයි අපගේ ශාස්තෘන් වහන්සේ නම් ස්ථිරවම බඹලොවට යන මාර්ගය දන්නවා. පින්වත් බ්‍රාහ්මණය, එන්න. මං ඔබව ශාස්තෘන් වහන්සේ ළඟට කැඳවාගෙන යන්නම්."

December 18th, 2018|Comments Off on 8-7. සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව

8-5,6. අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව

“ඔබට අයහපත වුවමනා නම්, කළ යුත්තේ මෙයයි. හිරු නැගී දහවල් වනතුරුත් හොඳට නිදාගන්න. කම්මැලිකමෙන් කල් ගෙවන්න. නපුරු, දුෂ්ටකමෙන් යුක්ත වෙන්න. කළ යුතු දෑ ඒ ඒ වෙලාවට නොකොට කල් දමන්න. නුසුදුසු තැන්වල තනියම යන්න. අනුන්ගේ කාන්තාවන් ඇසුරු කරන්න. එම්බා බ්‍රාහ්මණය, මේවා ඔබ කළොත් ඔබට සිදුවන්නේ අයහපතක්මයි.”

December 17th, 2018|Comments Off on 8-5,6. අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව

8-3,4. ආදරය අපායක් වූදා(කුණ්ඩලකේසී තෙරණියගේ කථා වස්තුව)

ඇය හෙමින් හෙමින් අර සොරා වටේ කරකැවෙමින් එක වටයක් නිමවා වැළඳගෙන සිපගත්තා. දෙවන වටයත් නිමාකොට වැළඳගෙන සිපගත්තා. තුන්වෙනි වටයේදී සොරාගේ පිටුපසට පැමිණි ඇය ශරීරයේ මුළු වෙර යොදා අර සොරාව චෝර ප්‍රපාතයට තල්ලු කළා. ඔහුට සිතන්න වෙලාවක් නෑ. කෑ ගසමින් වැටී මරණයට පත්වුණා.

December 15th, 2018|Comments Off on 8-3,4. ආදරය අපායක් වූදා(කුණ්ඩලකේසී තෙරණියගේ කථා වස්තුව)

024. ආජාණීය අශ්වයා(ආජඤ්ඤ ජාතකය)

ආජානේය අශ්වයෝ දෙන්නා යුද ඇඳුමෙන් සරසවා රථයේ යෙදෙව්වා. මහා යෝධයාත් සන්නාහයෙන් සන්නද්ධව රථයට නැංගා. එක එක බලකොටුවට කඩාපැන්නා. සයවෙනි රජාව අල්ලාගත් වේලේ වැඩිමහල් අශ්වයා මාරාන්තික සතුරු ප්‍රහාරයකට ලක්වුනා. නමුත් අශ්වයා ලේ වැගිරෙද්දි රථය ප්‍රමාද කළේ නෑ. රජ මිදුලට ම ආවා.

December 12th, 2018|2 Comments

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 21

ඉතින් පුතේ, මේ කතාව වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට පහදා දුන්නේ මාරයාගේ බන්ධනය ඔයිටත් වඩා ගොඩාක් සියුම් කියලයි. මේ කාලේ රහත් උනා ය, මගඵල ලැබුවා ය, ධ්‍යාන සමාපත්ති ඉපදුවා ය, බුදුරජාණන් වහන්සේ මෙහේ උපන්නා ය, මෙහෙ බුදු උනා ය,.....

December 11th, 2018|1 Comment

023. භෝජ ආජානීය අශ්වයා(භෝජාජානීය ජාතකය)

යම්කිසි වැඩක් පටන් ගත් විට කාට වුනත් බාධා ඇතිවෙන්ට පුළුවනි. අපහසුතා ඇතිවෙන්ට පුළුවනි. සිය උත්සාහය නැතිවෙන්ට පුළුවනි. එබඳු අවස්ථාවක තමාව දිරිමත් කරන්ට කවුරුන් හෝ සිටින්ට ඕනේ. එහෙම දිරිමත් වීමෙන් නැවතත් සිත ධෛර්යවත් කරගන්ට ලැබුනොත් තම අදහස් මුදුන්පත් කරගන්ට ඉඩ සැලසෙනවා. මෙයත් එබඳු කථාවක්.

December 7th, 2018|2 Comments

8-2. බාහිය දාරුචීරිය තෙරුන්ගේ කථා වස්තුව

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඒ බාහිය දාරුචීරිය සැවැත් නුවරට අමුත්තෙක්. අද තමයි එයා මෙහෙ ආවේ. සමහරු දැකලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ සමඟ සුළු වෙලාවක් මොහු කතා කළ බව. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් ඔහු ඉපදී සිටින්නේ කොහේද?”

December 2nd, 2018|Comments Off on 8-2. බාහිය දාරුචීරිය තෙරුන්ගේ කථා වස්තුව

බෝධීන් වහන්සේලා දහස්නමක් රෝපණය කිරීමේ පින්කම

බෝධීන් වහන්සේලා දහස් නමක් රෝපණය කිරීමේ මහා පින්කමක් පසුගිය නොවැම්බර් 27 දින බණ්ඩාරවෙල, කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවේදී අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදුකෙරුනා.

November 30th, 2018|2 Comments

8-1. තම්බදාඨික නම් වූ චෝරඝාතකයාගේ කථා වස්තුව

“උපාසකය, ඇයි මේ....? කලබල වෙලා.... අසහනයට පත්වෙලා... පීඩාවෙන් ඉන්නේ...” “අනේ ස්වාමීනී, මං බොහෝ කලක් නපුරු වැඩ කරපු කෙනෙක්. බොහෝ මිනිසුන් මැරූ කෙනෙක්. මට ඒක මතක් වෙනවා. ධර්මයට සිත නඟා ගන්න අමාරුයි.” දුර්ලභ මිනිසත් බවෙහි අගය දන්නා සාරිපුත්තයන් වහන්සේගේ සිතෙහි මොහු කෙරෙහි මහත් අනුකම්පාවක් ඇතිවුණා.

November 23rd, 2018|Comments Off on 8-1. තම්බදාඨික නම් වූ චෝරඝාතකයාගේ කථා වස්තුව
Go to Top