බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
9-13. සුප්‍රබුද්ධගේ කථා වස්තුව
"සුප්‍රබුද්ධ රජුගේ මංගල අශ්වයා කිපුණා. කැළඹුණා. පිරිසට හිංසා කරන්නට පටන් ගත්තා. බිත්තිවලට ගහන්නට පටන් ගත්තා. මහා හයියෙන් කෑ ගසන්නට පටන් ගත්තා. මිනිසුන් ද කලබල වුණා. පහළ මහා ඝෝෂාවක් ඇසුණා. උඩුමහලේ සිටි සුප්‍රබුද්ධට මෙය ඇසුණා. ඔහුට පමණයි මේ අශ්වයා අවනත වන්නේ. ඔහුට සියල්ල අමතක වුණා. ඔහු වේගයෙන් පහළට බැස්සා."
9-12. භික්ෂූන් තුන් පිරිසකගේ කථා වස්තුව
"හොඳයි! තෝ මෙතනම නිදාගන්...! කියලා ලොකු පිදුරු මිටියක් අරගෙන ඇවිත් ගොනාගේ සිරුර පුරාම දාලා ගිනි තිබ්බා. ගොනා එතනම මළා. ගොවියට දැන් හරි සතුටුයි. සතාට යස දඬුවමක් දුන්නා කියලා හිතුවා. මරණින් මත්තේ මොහු නිරයේ උපන්නා. එහි ඉතුරු විපාක හැටියට කපුටු ආත්මයේ සත් වතාවක් ඔය විදිහට අහසේම ගිනි අරගෙන මැරුණා."
9-11. මණිකාරකුළුපගතිස්ස තෙරුන්ගේ කථා වස්තුව
"ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඒ නිසා රෝගාතුර වුණා. සුළු දිනකින් පිරිනිවන් පෑවා. කොස්වා ලිහිණියා මියගොස් උපන්නේ එම බිරිඳගේ කුසෙහි මිනිස් දරුවෙක් වෙලයි. ටික කලකින් මැණික් කරුවා මියගොස් නිරයේ උපන්නා. බිරිඳ මියගොස් දෙවියන් අතර උපන්නා."
9-10. කෝක නම් බලුවැද්දාගේ කථා වස්තුව
"උන්වහන්සේ කලබල වෙලා ගහ උඩ දඟලද්දී පෙරවූ සිවුර ගැලවී වැද්දාගේ හිස මත වැටුණා. වැද්දා හිසේ සිට සිවුරෙන් වැසී ගියා. බල්ලන් සිතුවේ භික්ෂුව ගහෙන් බිමට වැටුණු බවයි. වැද්දා වටකරගත් කීන බල්ලන් ‘පටත් පටත්’ අනුකරණයෙන් වැද්දාව හපන්න පටන් ගත්තා. තම දඩයම් බල්ලන්ගේ ප්‍රහාරයට ලක් වූ වැද්දා එතනම මිය ගියා."
9-9. කුක්කුටමිත්ත වැද්දාගේ කථා වස්තුව
"බුදුරජාණන් වහන්සේ රුක් සෙවණේ වැඩසිටිනවා දැක්කා. ‘හරි... එහෙනම් ඒක මුන්දැගෙ වැඩක්! ආයෙමත් නොකරන්න මං උගන්වන්නම් පාඩමක්’ කියලා දුනු ඊතල එළියට ඇද්දා. එච්චරයි. ඔහුට අතපය සොළවන්න බැරිව ගියා. ඇඟ ගල් ගැහිලා ගියා. කිසි දෙයක් කරගන්න බැහැ. දාඩිය ගලනවා. කටින් කෙළ බේරෙනවා. නමුත් සෙළවෙන්න බැහැ."
032. නච්ච ජාතකය
එතකොට මොණරා මහත් ආඩම්බරයට පත්වුනා. ‘මුන්දැලා තාම මගේ හැබෑ හැඩරුව දැක්කේ නෑ’ කියලා පිරිස මැද්දේ පිල් කළඹ විදහාගත්තා. කැරකි කැරකී නටන්ට පටන් ගත්තා. එතකොට මොණරාගේ පස්ස පැත්ත හැමෝට ම පේන්ට පටන් ගත්තා. මෙය දැකපු ස්වර්ණ හංසරාජයා මහත් ලැජ්ජාවට පත්වුනා....
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 25
“නිදකිං විතරක්!... මෙච්චර මස් තියෙන ගෙයි මට කන්ට මස් නැද්ද?” කියා මන්නයක් අරං ගේ පිටිපස්සට ගියා. තණකොළ කන වස්සාගේ දිව ඇදලා කැපුවා. “මේං මේක උයලා දිපිය” කියා මායියාට දුන්නා. උන්දැ භය වෙලා හනිකට උයලා දුන්නා. වියදියා බත් කෑවා විතරයි මුළු ශරීරය ම ගින්නෙන් පුළුස්සනවා වාගේ....
9-8. මහාධන වෙළෙන්දාගේ කථා වස්තුව
“දැන් බලන්න පින්වත් මහණෙනි, සොරුන්ගෙන් වන අනතුර වේලාසනින් දැනගත් මහාධන වෙළෙන්දා ඒ භයානක මාවත අත්හැරියා නෙව. ජීවත් වෙන්න ආස කරන කෙනා හලාහල විෂ තියෙන ආහාරය කොයිතරම් සුවඳ තිබ්බත්, රස තිබ්බත් අනුභව කරන්නේ නැහැ. අත්හරිනවා. ඒ වගේ ඔබත් මේ කාම, රූප, අරූප සෑම භවයක්ම දැක්ක යුත්තේ භයානක සොරුන් අරක්ගත් මාර්ගයක් ලෙසයි. ඒ විදිහට සළකා සියලු පව් අත්හළ යුතුයි.”
9-7. බිළාලපාදක සිටුවරයාගේ කථා වස්තුව
“හෝ.... එහෙමද? හැබැයි මේකා සෙනඟ මැද්දේ කියාවිද දන්නෙ නැහැ මං මේ විදිහටයි දුන්නේ කියලා....? එහෙම වුණොත් මං මේකාව මරණවා....!” කියලා පසුවදා පිහියකුත් ඉණේ ගසාගෙන දාන ශාලාවට ගියා. අර නුවණැති තරුණයා බොහෝ පිරිස සමඟ ඉතා ශ්‍රද්ධාවෙන් දානය පූජා කළා. හඬ නගා මෙහෙම කිව්වා."
9-6. සඟසතු දේ ගැන නොසැලකිලිමත් වූ භික්ෂුවගේ කථා වස්තුව
“එම්බා භික්ෂුව, මෙවැනි දෑ නොකළ යුතුයි. වරද කුඩා එකක් ය, සුළු එකක් ය කියා ගණන් නොගෙන සිටීමමයි වරද! එළිමහනක උඩුකුරුව කළයක් තිබ්බොත් මොකද වෙන්නේ....? වැස්ස වහිද්දි බිංදුව බිංදුව හරි මේ කළය පිරෙනවා නේද? ඔය විදිහටම සුළු සුළු දේවල් ය කියලා ගණන් නොගෙන සිටීමෙන් පව් රැස්වෙනවා. ඒ පව් රැස්වෙද්දී තමාත් නොදැන පව බරපතල වෙනවා.”










