මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 22

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකට වේවා, පසේ බුදුරජාණන් වහන්සේ නමකට වේවා, අර්හත් උතුමෙකුට වේවා පුදන ලද දානයේ විපාක ගැන නම් දෙවි වූ අපටවත් කියන්ට බැරිතරම් මහා අනුහස් බලයෙන් යුක්තයි. නමුත් තමුන්නාන්සේගේ කලින් ආත්මේ කළ ඉතාම ස්වල්ප පිනක් මට පේනවා......

December 23rd, 2018|1 Comment

8-11. සංකිච්ච සාමණේරයන්ගේ කථා වස්තුව

“පැටියෝ..... නුඹ බේරුණේ අනූ නවයයි දශම නවයෙන්... නුඹේ අම්මා මළේ නුඹ මව්කුසේ සිටිද්දිමයි. සොහොන්පල්ලා අම්මා අළු වෙනකම් පිච්චුවා. ඒ වෙලාවෙත් නුඹ බේරුණා. ඉන් පස්සේ ඉතුරු දර එකතු කරලා දරුගැබත් ගිනි තිබ්බා. වැදෑමහ විතරක් පිච්චුණා. අපේ රත්තරන් පැටියා බේරුණා.... අපේ පින්වත් පැටියෝ....” කියලා හැමෝම වඩාගෙන සිඹිනවා.

December 23rd, 2018|Comments Off on 8-11. සංකිච්ච සාමණේරයන්ගේ කථා වස්තුව

8-10. ආයුවඩ්ඩන කුමාරයාගේ කථා වස්තුව

“පින්වත් මහණෙනි, ආයුෂ පමණක් වැඩිවෙලා නවතින්නේ නෑ. වීතරාගී ගුණවතුන්ට වන්දනා මානන කරද්දී කරදර කම්කටොලුත් නැතිවෙනවා. ආයුෂයත්, වර්ණයත්, සැපයත්, බලයත් කියන මේ හතරම වැඩෙනවා.”

December 21st, 2018|Comments Off on 8-10. ආයුවඩ්ඩන කුමාරයාගේ කථා වස්තුව

කාසල් වීදියේ කාන්තා රෝහලේ ළදරු ඒකකයට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම

ඉතා දුර්ලභව ලබන මිනිසත් බව රැකදෙනු පිණිස අහිංසක දරු සිඟිත්තන් දහස් ගණනකට අභයදානය පුද කරමින් කාසල් වීදියේ කාන්තා රෝහලේ ළදරු ඒකකයට අත්‍යවශ්‍යව තිබූ අධික මූල්‍යමය වටිනාකමකින් යුතු ළදරු සුරැකුම් කුටීර (Infant Incubator) 4ක් සහ විශේෂ ශ්වසන ආධාරක උපකරණ (ventilator) 4ක් පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයක් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය මගින් 2018-12-18 දින සිදුකෙරිනි. මේ සඳහා මෙත් සිතින් යුතුව දායකත්වය දැක්වූයේ විශ්ව පාරමී පදනමයි.

December 20th, 2018|2 Comments

8-9. සැරියුත් තෙරුන්ගේ යහළු බ්‍රාහ්මණයෙකුගේ කථා වස්තුව

"සැරියුත් මහරහතන් වහන්සේ මොහු කෙරෙහි අනුකම්පා කොට බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ මහත් අනුකම්පාවෙන් දානයේ ඇති වෙනස්කම් ගැන කියලා දුන්නා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට දෙන දානයට වඩා සිල්වත් කෙනෙකුට දෙන දානයෙහි අනුසස් වැඩියි. "

December 20th, 2018|Comments Off on 8-9. සැරියුත් තෙරුන්ගේ යහළු බ්‍රාහ්මණයෙකුගේ කථා වස්තුව

8-8. සැරියුත් තෙරුන්ගේ ඤාති සහෝදරයෙකුගේ කථා වස්තුව

“පින්වත් බ්‍රාහ්මණය, ඇත්තෙන්ම ඔබ බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය දන්නෙ නෑ. ඔබේ ආචාර්යවරුවත් බඹ ලොවට යන මාර්ගය නම් දන්නෙ නෑ. හැබැයි අපගේ ශාස්තෘන් වහන්සේ නම් ස්ථිරවම බඹලොවට යන මාර්ගය දන්නවා. පින්වත් බ්‍රාහ්මණය, එන්න. මං ඔබව ශාස්තෘන් වහන්සේ ළඟට කැඳවාගෙන යන්නම්.”

December 19th, 2018|Comments Off on 8-8. සැරියුත් තෙරුන්ගේ ඤාති සහෝදරයෙකුගේ කථා වස්තුව

8-7. සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව

“නැහැ පින්වත් බ්‍රාහ්මණය, ඇත්තෙන්ම ඔබ බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය දන්නෙ නෑ. ඔබේ ආචාර්යවරුවත් බඹ ලොවට යන මාර්ගය නම් දන්නෙ නෑ. හැබැයි අපගේ ශාස්තෘන් වහන්සේ නම් ස්ථිරවම බඹලොවට යන මාර්ගය දන්නවා. පින්වත් බ්‍රාහ්මණය, එන්න. මං ඔබව ශාස්තෘන් වහන්සේ ළඟට කැඳවාගෙන යන්නම්."

December 18th, 2018|Comments Off on 8-7. සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව

8-5,6. අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව

“ඔබට අයහපත වුවමනා නම්, කළ යුත්තේ මෙයයි. හිරු නැගී දහවල් වනතුරුත් හොඳට නිදාගන්න. කම්මැලිකමෙන් කල් ගෙවන්න. නපුරු, දුෂ්ටකමෙන් යුක්ත වෙන්න. කළ යුතු දෑ ඒ ඒ වෙලාවට නොකොට කල් දමන්න. නුසුදුසු තැන්වල තනියම යන්න. අනුන්ගේ කාන්තාවන් ඇසුරු කරන්න. එම්බා බ්‍රාහ්මණය, මේවා ඔබ කළොත් ඔබට සිදුවන්නේ අයහපතක්මයි.”

December 17th, 2018|Comments Off on 8-5,6. අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව

8-3,4. ආදරය අපායක් වූදා(කුණ්ඩලකේසී තෙරණියගේ කථා වස්තුව)

ඇය හෙමින් හෙමින් අර සොරා වටේ කරකැවෙමින් එක වටයක් නිමවා වැළඳගෙන සිපගත්තා. දෙවන වටයත් නිමාකොට වැළඳගෙන සිපගත්තා. තුන්වෙනි වටයේදී සොරාගේ පිටුපසට පැමිණි ඇය ශරීරයේ මුළු වෙර යොදා අර සොරාව චෝර ප්‍රපාතයට තල්ලු කළා. ඔහුට සිතන්න වෙලාවක් නෑ. කෑ ගසමින් වැටී මරණයට පත්වුණා.

December 15th, 2018|Comments Off on 8-3,4. ආදරය අපායක් වූදා(කුණ්ඩලකේසී තෙරණියගේ කථා වස්තුව)

024. ආජාණීය අශ්වයා(ආජඤ්ඤ ජාතකය)

ආජානේය අශ්වයෝ දෙන්නා යුද ඇඳුමෙන් සරසවා රථයේ යෙදෙව්වා. මහා යෝධයාත් සන්නාහයෙන් සන්නද්ධව රථයට නැංගා. එක එක බලකොටුවට කඩාපැන්නා. සයවෙනි රජාව අල්ලාගත් වේලේ වැඩිමහල් අශ්වයා මාරාන්තික සතුරු ප්‍රහාරයකට ලක්වුනා. නමුත් අශ්වයා ලේ වැගිරෙද්දි රථය ප්‍රමාද කළේ නෑ. රජ මිදුලට ම ආවා.

December 12th, 2018|2 Comments
Go to Top